රතු මුහුදේ සංචාරක නිකේතන
- 2017-08-10 01:19:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රතු මුහුදේ පිහිටි දූපත් සහ වෙනත් ස්ථාන පනහක් සුඛෝපභෝගී සංචාරක නිවාඩු නිකේතන බවට පත් කිරීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් සෞදි අරාබි රජය විසින් දියත් කරනු ලැබ ඇත. ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ තෙල් මිල පහළ යාමත් සමග සෞදි ආර්ථිකය වෙනත් ක්ෂේත්‍ර වෙත ද යොමු කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි. කලාපය තුළ සංචාරක නිකේතන ඉදි වන්නේ විදේශීය සහ දේශීය සංචාරකයන් ද ඉලක්ක කර ගනිමිනි. සංචාරක කලාපය තුළ දී සංචාරක වීසා බලපත්‍ර සම්බන්ධයෙන් පවතින සීමා ලිහිල් කිරීමට ද නියමිතය. කෙසේ නමුත් ගතානුගතික මුස්ලිම් රාජ්‍යයක් වන සෞදි අරාබියේ ඇඳුම් පැළඳුම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් පවතින සීමා ඉහත කී සංචාරක කලාපය තුළ දී ලිහිල් වනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත. මත්පැන්, සිනමා ශාලා සහ නාට්‍ය ශාලා සෞදි අරාබිය තුළ තහනම්ය.
Reply To:
Name - Reply Comment
0 Comments