රොසෙටා රොබෝ යානය සමුගනී
- 2016-10-03 11:59:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යුරෝපා අභ්‍යවකාශ ආයකනයේදීය (රොයිටර්)
යුරෝපා අභ්‍යවකාශ ආයතනය මගින් විශ්වයේ සැරිසරන වල්ගා තරුවක් ගවේෂණයට යැවූ ‘රොසෙටා’ නමැති රොබෝ යානය සහ එම යානය අයත් ‘පිලේ’ නමැති කුඩා ගවේෂණ යානයේ කටයුතු අතහැර දැමීමටත්, ‘රොසෙටා’ යානය අකි‍්‍රය කර දැමීමටත් විද්‍යාඥයෝ පසුගිය දා කටයුතු කළහ.
යුරෝපා අභ්‍යවකාශ ආයතනය ‘රොසෙටා’රොබෝ යානය අභ්‍යවකාශයට පිටත් කර හැරියේ 2004 වසරේ මාර්තු 2 වැනිදාය. ‘රොසෙටා’ රොබෝ යානය ඇතුළේ තවත් කුඩා යානයක් විය. ‘පිලේ’ නමින් නම් කළ එය ‘පතිත කරවන’ යානයකි. පෘථිවි විද්‍යාඥයන් රොසෙටා පිටත් කළේ චුරයුමෝව් ගෙරසිමෙන්කෝ 67 පී නමැති වල්ගා තරුවේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමටය.
මීට පෙර, පෘථිවි විද්‍යාඥයන් මේ අයුරින් වල්ගා තරුවක් ගවේෂණයට ගවේෂණය යානාවක් යවා තිබුණේ නැත. එහෙයින්, 2004 වසරේ මාර්තු 2 වැනිදා ඇරැුඹි මෙම මෙහෙයුම ඓතිහාසික එකක් විය. 2014 වසරේ අගෝස්තු 6 වැනිදා, ‘රොසෙටා’ අභ්‍යවකාශ යානය, චුරයුමෝව් ගෙරසිමෙන්කෝ 67 පී වල්ගා තරුවට කිට්ටු විය. විශ්වයේ වේගයෙන් ඇඳී යන වල්ගා තරුවකට කිට්ටුවීම පමක් නොව, එහි කක්ෂයට පිවිසීම ඉතා අසීරු මෙහෙයුමක් වූ අතර, එම අසීරු මෙහෙුම සියුම් ගණනය කිරීම් මගින් ජය ගන්න යුරෝපා අභ්‍යවකාශයට සම්බන්ධ විද්‍යාඥයෝ සහ තාක්ෂණ විශේෂඥයෝ සමත් වූහ.
වල්ගා තරුවේ කක්ෂයට පිවිසීමෙන් පසු, 2014 නොවැම්බර් 12 වැනිදා, ‘රොසෙටා’ රොබෝ යානය තුළ තිබුණු ‘පිලේ’ කුඩා යානය වල්ගා තරුව මතුපිටට යැවුණේ ඒ මත ගොඩ බෑමේ අරමුණ ඇතිවය. ‘පිලේ’ යානයට ගොඩ බෑමට සුදුසු ස්ථානයක් විද්‍යාඥයන් විසින් කල් තියා සැලැසුම් කරනු ලැබ තිබුණි. ‘පිලේ’ සාර්ථකව වල්ගා තරුව මතට පතිත කෙරුණි. අවාසනාවකට එයි බැටරි බලය දින දෙකක් යද්දී ක්ෂය වී යෑමෙන් මෙහෙයුම ඇණහිටියේය. එය සිදුවූයේ විද්‍යාඥයන් සැලැසුම් කළ ස්ථානයට ‘පිලේ’ ගොඩබැස්සවීමට නොහැකි වුණු නිසාය.
2015 වසරේ ජූනි සහ ජූලි මාසවලදී ‘පිලේ’ යානය සමඟ ඉතා කෙටි කාලයකට යළි සම්බන්ධ වෙමින්, සන්නිවේදන කටයුතු පවත්වා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. ‘පිලේ’ ජීවත් වෙනවා. යැයි යුරෝපා විද්‍යාඥයෝ එම අවස්ථාවේදී පවසා සිටියහ. එහෙත් අවාසනාවකට පිලේ යානයේ සූර්ය බලශක්ති බැටරි පද්ධතිය පැවැතියේ ඉතා දුර්වල මට්ටමකය. සන්නිවේදන කටයුතු යළි ඇණ හිටියේය. ඉන්පසු ‘රොසෙටා’ රොබෝ යානයේ ද සන්නිවේදන පද්ධති අකි‍්‍රය කර දැමීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.
2016 ජූලි 29 වැනිදා ‘රොසෙටා’ රොබෝ යානය සහ ‘පිලේ’ යානය සමඟ පැවැති සියලූම සන්නිවේදන කටයුතු අත හැර දැමීමට විද්‍යාඥයෝ තීරණය කළහ. ඒ අනුව, පසුගියදා එනම් සැප්තැම්බර් 30 වැනිදා ‘රොසෙටා’ යානය අකි‍්‍රය කර දැමුණු අතර, එය චුරයුමෝව් ගෙරසිමෙන්කෝ 67 පී වල්ගා තරුව මතුපිටට කඩා වැටී නිහඬ විය. යානය කඩා වැටුණේ වල්ගා තරුවේ ‘දියේර් එල් මැදීනා’ නමින් නම් කළ ආවාටයක් අසලටය. (ලංකාදීප)
Reply To:
Name - Reply Comment
0 Comments