ලන්ඩන් නිවාස සංකීර්ණයක ගින්නක්
- 2017-06-14 12:04:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බටහිර ලන්ඩනයෙන් ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි ද ඒ තුළ මිනිසුන් සිරවී ඇතැයි ද ඇසින් දුටු පිරිස් පැවසූ බව වාර්තා වේ.
ලැන්කැස්ටර් හි ග්‍රෙන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයෝ 200කට ආසන්න පිරිසක් පැමිණියහ.
තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කළ බව නගර පොලිසිය පැවසීය. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 40ක් යැවූ බව ලන්ඩන් ගිනි නිවන ඒකකය පවසයි.
නිවාස සංකීර්ණය තුළ දැඩි ගින්නක් හටගෙන ඇති බවත් විදුලි පන්දම් සහ ආලෝක දක්නට තිබෙන බවත් ඇසින් දුටුවෝ කියති.
“මම අළුවලින් වැහුණා. මම හිටියේ මීටර 100ක් විතර දුරින්. කියන්න බැරි තරම් අළු ප්‍රමාණයක්. බොහෝ අය විදුලි පන්දම් දල්වා සංඥා දැක්වූවා. ඔවුන්ට එළියට එන්න බැහැ” යැයි ‘චැනල් 4’ රූපවාහිනි නාලිකාවේ ඉදිරිපත් කරන්නකු වන ජෝර්ජ් ක්ලාක් පැවැසීය.
ලංකාදීප- බී.බී.සි ඇසුරිනි ඡායාරූප- REUTERS -AFP/NATALIE OXFORD
Reply To:
Name - Reply Comment
0 Comments