Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගින්නෙන්, රොනල්ඩ් රීගන් පුස්තකාල ගොඩනැගිල්ල බේරාගැනීමට 500ක පමණ එළුවෝ රංචුවක් සමත් වූහ.

ලොස් ඇන්ජලීස් නුවර ආසන්නයේ පිහිටි මෙම පුස්තකාලය, ඇමෙරිකාවේ හිටපු ජනපතිවරුයකු මෙන්ම , කැලිෆෝනියාවේ ආණ්ඩුකාරයකුද ව සිටි රොනල්ඩ් රීගන් මහතාගේ පුස්තකාලයයි. පසුගිය මැයි මාසයේදී පුස්තකාලය අවට ලැහැබ කප්පාදු කර, ඒවායේ තණ උලා කෑම සඳහා එළුවන් රංචුවක් ගෙන්වාගෙන තිබිණි. ඔවුන්ව පුස්තකාලය අවට අක්කර 13ක ලැහැබක් වෙත දිගේලි කරන ලදී.

ලැහැබෙහි තණපත් උලාකෑම හේතුවෙන් හිස් ඉඩ ප්‍රමාණයක් නිර්මාණය වි තිබූ අතර, පුස්තකාලය වෙත ගින්න ළඟාවීමට ඉඩක් නොමැති විය. ගින්නෙන් එම ප්‍රදේශයේ ම විදුලිබල ඇනහිට ඇති අතර, නිවාස 1000කට ආසන්න සංඛ්‍යාවක් අවදානමකට ලක්ව පැවතිණි. ගිනි නිවන භටයන් 1000කගෙන් යුතු කණ්ඩායමක් ජනපති පුස්තකාලය අවට කඳුකරයේ ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටිති.

මෙම එළුවන් ලබාගෙන ඇත්තේ  805 – Goats නම් වෙළඳ සමාගමෙනි. එම සමාගම ගිනි ගැනීම් වළක්වාලීම සඳහා එළුවන් ලබාදෙන අතර, අක්කරයකට ඇමෙරිකානු ඩොලර් 1,000ක් අයකරයි. එළුවන් යොදාගනිමින් ඇමෙරිකාවේ බටහිර දිග ඇතිවන ගිනි පාලනය කිරීමට ගත් උත්සාහය, මිනිසුන් රසායනික භාවිත කර ගිනි නිවීමට වඩා පරිසර හිතකාමී යහපත් පියවරක් බව ජනයා පවසති.

(ද ගාඩියන් සහ බීබීසී ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.