ලොව පළමු ද්‍රව වායු බලමගී නෞකාව දියත් කෙරේ
- 2018-08-31 14:49:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ද්‍රව වායු බලයෙන් ක්‍රියාත්මක වන ලොව පළමු මගී ප්‍රවාහන සුඛෝපභෝගී නෞකාව වන AIDAnovaපසුගියදා සිය පළමු යාත්‍රාව සඳහා ජර්මනියේ පැපෙන්බර්ග් වරායෙන් පිටත් විය. එක්වරකට මගීන් 5200 දෙනෙකුට රැඳී සිටීමේ අවස්ථාව පවතින මෙම නෞකාව %හරිත නෞකා සංචාර^ ප්‍රචලිත කිරීම වෙනුවෙන් නිර්මාණය කරවූවක් බව එහි නිෂ්පාදකයෝ පවසති.
මීටර් 337 ක් දිග මෙම නෞකාවේ පළල මීටර් 42 කි. එහි පෞද්ගලික කාමර 2600 ක් පවතින අතර, ඉන් 31ක් සුඛෝපභෝගී නිවස්න ලෙසත්, 312 ක් නෞකාව අභ්‍යන්තරයේ පිහිටි කාමරලෙසත්, 198 ක් සාගරය දර්ශනය වන කාමර ලෙසත්, 1655 ක් බැල්කනියේ පිහිටි කාමර ලෙසත් වෙන් කර තිබේ.
මෙම හරිත නෞකාවේ ගමන් ගන්නා මගීන්ට අද දවසේ ලොව වඩාත් දියුණුතම තාක්ෂණික උපකරණ භාවිතා කිරීමේ හැකියාව පවතී. එසේම එම පහසුකම් නෞකාව ඇතුළත සහ පිටත ස්ථාන දෙකෙහිදීම ලබා දෙයි. එසේම එකිනෙකට වෙනස් සවුනා සම්බාහන ස්ථාන පහක් මෙන්ම පිටතින් පිහිටි ජකුසි සම්බාහන ස්ථාන තුනක් සහ තවත් සම්බාහන ප්‍රතිකාර ලබා දෙන ස්ථන 80කට ආසන්න ප්‍රමාණයක් පවතී.
මීට අමතරව දැවැන්ත ජල උද්‍යානයක්, විවිධ ක්‍රියාකාරකම් සිදුකළ හැකි උද්‍යාන පරිශ්‍රයක් සහ ගොල්ෆ් පිටියක් යනාදියද නෞකාවේ පවතී. මගීන්ට වඩාත් නිස්කලංකව සිටීම සඳහා වෙන් වුණු විශාල විවෘත භූමි ප්‍රදේශයන්ද මෙහි ඇත. එහි ඇති ආපනශාලා 17කට වැඩි සංඛ්‍යාවක් මගින් විවිධ ආකාරයේ ආහාර වර්ග සහ පාන වර්ග ලබා දෙයි.
ලබන දෙසැම්බර් මාසයේ සිට දින හතක සංචාරයක් ලෙස ජර්මනියේ මැඩෙයිරාහි සිට කැනරි දූපත් දක්වා යාත්‍රා කිරීමට මෙම AIDAnova නෞකාව සූදානමින් සිටියි. මෙම හරිත නෞකා සංචාරයේදී ග්‍රැන් කානාරියා, ටෙනෙරිෆ්, ලැන්සොරාටේ සහ ෆුඑර්ට්වෙන්චුරා යන ස්ථාන ආවරණය කිරීමට සැලසුම වී තිබේ.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments