Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී සිදුකරන ලද ජාන පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඇබොරිජින්වරු ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයට අයත් වූවන් බවයි.

ඕස්ට්‍රේලියා ඇබොරිජින්වරු 83 දෙනක් හා පැපුවා නිව්ගිනියාවේ කඳුකර පැපුවානුවන් 25දෙනක් එකතු කළ ජානමය දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඔවුන් මෙම නිගමනයට පැමිණි බව නේචර් සඟරාවේ දක්වා ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියා ඇබොරිජින් ශිෂ්ටාචාරය අවුරුදු 75000ක් පමණ පැරණි බවත් ඔවුන් ඕස්ට්‍රේලියා අර්ධද්වීපයට පැමිණ ඇත්තේ මෙයින් වසර 31000 කට පමණ පෙරදී බවත් නේචර් සඟරාව පවසයි.

ආසියාවේ සිට ඕස්ට්‍රේලියාවට මෙම කණ්ඩායම් සංක්‍රමණය වී ඇති අතර පැපුවා නිව්ගිනියාව ඕස්ට්‍රේලියා අර්ධද්වීපයෙන් වෙන්වී ඇත්තේ මෙයින් වසර 10000කට පමණ පෙරදීය.

මෙම පර්යේෂණ වාර්තාව සකස් කිරීමට ඕස්ට්‍රේලියා ආදිවාසි කණ්ඩායම්වල නායකයන් නව දෙනෙක් ද සම කතෘවරුන් ලෙස සහභාගී වීම විශේෂත්වයක් බව පර්යේෂණයට එක්වූ ග්රිකෆීත් විශ්ව විද්‍යාලයේ පරිණාමය පිළිබඳ ජීව විද්‍යාඥ ඩේවිඩ් ලැම්බර්ට් පවසයි. (සිරංගිකා ලොකුකරවිට-මූලාශ්‍රය- ලංකාදීප)

ඡායාරූපය-විකිපීඩියා ඇසුරිනි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.