Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ ගෘහස්ථව ඉදිකෙරුණු විශාලතම වින්දන උද්‍යානය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබාහිදී විවෘත කෙරුණු බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව අද වන විට ලොව උසම ගොඩනැගිල්ල, ලොව විශාලම සාප්පු සංකීර්ණය මෙන්ම මිනිසා විසින් කෘත්‍රිමව නිර්මාණය කළ දූපත්ද ඇතුළුව ඩුබායිහි අලුත්ම අරුම පුදුම ඉදිකිරිම ලෙසටත් මෙය පත්ව තිබේ.

IMG World of Adventures ලෙස නම් කර ඇති මෙම වින්දන උද්‍යානය ඉදිකිරිම සදහා වැය වී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධිකය. සාමාන්‍ය ප්‍රමාණයේ පාපන්දු පිටි 28ක පමණ විශාලත්වයකින් යුත් මෙම පරිශ්‍රයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග අඩි මිලියන 1.5 ක් පමණ වන බවත් සඳහන් වෙයි. මෙහිදී එම වින්දන උද්‍යානයේ කලාපයන් මාර්වල්, කාටූන් නෙට්වර්ක් වැනි ඇමෙරිකානු සුපිරිවීර චරිත සහ කාටූන් චරිතවල හිමිකාරීත්වය දරන සමාගම් ලෙස බෙදී වෙන්ව තිබීමත් විශේෂත්වයක් ගනී.

මේ ඉදිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන IMG World of Adventures සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙනාර්ඩ් ඔට්ටෝ, ඩුබායි වෙත මෙන්ම මැදපෙරදිග කලාපය වෙතත් මෙවැනි උද්‍යානයක් ගෙන ඒමට තමන්ට අවශ්‍ය වූ බව පවසා තිබේ. මෙහි පිහිටි වෙලොසිරැප්ටර් නම් රෝලර් කෝස්ටරය එමිරේටයේ ඇති වේගවත්ම රෝලර් කෝස්ටරයද වෙයි. මේවාට අතරව තවත් ක්‍රීඩා 21 ක්, ආපනශාලා 28ක් සහ වෙනත් අලෙවිසැල් 25ක්ද මෙම පරිශ්‍රය තුළ ඉදිකර ඇත.

විශේෂයෙන්ම මුල් පෙළේ සංචාරක පාරාදීසයක් වන ඩුබායි වෙත 2021 වසර වන විට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 18 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මේ හරහා ඩුබායි වෙත ඇමෙරිකානු ජනප්‍රිය සංස්කෘතිය ගෙන ඒමක්ද සිදුව ඇතැයි ඇතැම් දෙනා මෙහිදී සඳහන් කර සිටියි.

B (1) B (2) B (3) B (4) B (5) B (6) B (7) B (8)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.