ලෝකයේ අතිශය දුර්ලභ පිරිමි වඳුරු පැටවකු ඕස්ට්‍රේලියාවේ ටාරොන්ගා සත්ව උද්‍යානයේදී උපත ලබයි
- 2019-10-15 21:24:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ අතිශය දුර්ලභ පිරිමි වඳුරු පැටවකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ටාරොන්ගා සත්ව උද්‍යානයේදී උපත ලබා ඇත.
ෆ්‍රැන්කොයිස් ලැන්ගර් ( Francois Langur) වර්ගයේ වඳුරු විශේෂයට අයත් මෙම වඳුරු පැටවා දුර්ලභ මෙන් ම වඳවී යන, අන්තරාවන්ට ලක්වන වර්ගයේ වඳුරකු බවද සැලකේ.
නොඑල් නම් වඳුරු මවකට දාව උපත ලබා ඇති මේ පැටවා දින 10ක් පමණ වයසැතිය. තවම ඔහුට නමක් තබා නැත.
ඕනෑම ලැන්ගර් වඳුරුපැටවකු උපත ලැබූ කාලයේදී මෙන් මෙම පැටවාද දීප්තිමක් තැඹිලි පැහැ හිසකේ සහිතය. වඳුරු පැටවාගේ දෙමව්පියන් කළු පැහැ වේ. මෙම තැඹිලි පැහැය නිසා වඳුරු දෙමව්පියන්ට සිය පැටවුන් සෙවීම සඳහා පහසුවක් වී ඇති බව සැලකේ.
බහුලව ශාක පත්‍ර ද, පලතුරු, මල් වැනි දෑද මෙම වඳුරෝ ආහාරයට ගනිති. මොවුන් සාමාන්‍යයෙන් වසර 25ක් පමණ කාලයක් ජීවත් වන බව සැලකේ.
ෆ්‍රැන්කොයිස් ලැන්ගර් වර්ගයේ වඳුරන් වනයකදී දැකගැනීම පවා දුර්ලභ දසුනක් වන අතර, එම පැටවකු දැකගැනීම ඊට වඩා දුර්ලභ වේ. මොවුන් චීනය, වියට්නාමය සහ ලාඕසයේ මධ්‍යම ප්‍රදේශවල වනගත භූමිවලදී දැකගත හැකිය. නමුත් ඒවායේ ජීවත්වන වඳුරන්ගේ දඩයක්කරුවන් හේතුවෙන් ශීඝ්‍රයෙන් පහළ බැස ඇත.
මේ දීප්තිමත් තැඹිලි පැහැය රඳාපවතින්නේ සති කිහිපයක් පමණක් බවත්, ඉන් පසු උන් කළු පැහැයට හැරෙන බවද සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ජේන් මාෂල් පවසයි.
මෙම කුඩා වඳුරු පැටවුන් වැඩෙන්නේ වැඩිහිටි ගැහැනු වඳුරන්ගේ සැලකිල්ල ලබමිනි.
“මේ වඳුරු පැටවුන් ගැන වඳුරු අම්මලා වගේම වෙනත් ගැහැනු වඳුරන් දක්වන සැලකිල්ල නරඹන්න තරම් ආසා හිතෙන දෙයක්. ඒ සියලු අම්මලා මේ පුංචි වඳුරු පැටවාව මුළු දවස පුරාම එකිනෙකා අතට මාරුකරමින් ලොකු අවධානයකින් රැක බලා ගන්නවා. ”
“ෆ්‍රැන්කොයිස් ලැන්ගුවාර් වර්ගයේ වඳුරන් ගැන බොහෝදෙනක් දන්නෙ නැහැ. ඒත් මේ ලස්සන වඳුරන් ඉතාම කඩිසරයි, හරිම නුවණක්කාරයි”
මේ වර්ගයේ වඳුරන් මුලු ලෝකයටම ඉන්නේ 3000ක් පමණයි. මොවුන් ඉන්නේ අනතුරුදායක තත්වයේ. මේ කුඩා පිරිමි වඳුරු පැටවාගේ උපත හොඳ ආරංචියක්” යැයි ජේන් මහත්මිය කියයි.
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ඡායාරූප - අන්තර්ජාලයෙනි
Reply To:
Name - Reply Comment
0 Comments