Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව පුරා වාර්ෂිකව සිදුවන ආහාර අපතේ යැවීම වසර 2030 වන විට තෙගුණයකින් වැඩිවිමේ අවදානමක් පවතින බව එක්සත් ජනපදයේ බොස්ටන් කන්සල්ටිං ගෘප් සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව මෙම අපතේ යැවීම ආහාර ටොන් බිලියන 2.1ක් බව  පෙන්වා දෙන සමාගම, එය තත්පරයකදී ටොන් 66ක් බවත් සදහන් කරයි.

විශේෂයෙන්ම මෙම ආහාර අපතේ යෑම සම්බන්ධයෙන් වන ගෝලීය ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව එම සංවිධානයේ අදහස වී තිබේ. ඒ අනුව මෙම ගැටලුව ඉතාමත් දරුණු මට්ටමින් වර්ධනය වෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.මෙහිදී ඊට පිළියම් ලෙස ආහාර  අපතේ යැවීම අවම මට්ටමකින් පවත්වාගෙන යන ආයතනවලින් ආහාර මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් උනන්දු විය යුතු බව ඔවුන්ගේ අදහස වි තිබේ.

"අපි අපේ විකල්ප තෝරාගැනීම් වර්ධනය කරගන්න කරගන්න මේ ගැටලුව තවත් ඔඩුදුවනවා. උදාහරණයක් විදියට ගත්තොත් ආසියාව වගේ ලෝකයේ කාර්මීකරණය වන ප්‍රදේශවල සිදුවන ජනගහන වර්ධනයත් සමගින්ම ඔවුන්ගේ පරිභෝජනයත් ක්‍රමයෙන් වර්ධනය වෙනවා"

මෙම අධ්‍යයනයට අනුව අද වනවිට සෑම වසරකදීම  ටොන් බිලියන 1.6ක් පමණ වන ආහාර ප්‍රමාණයක් අපතේ යයි. එහි සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.2 කි. එසේම එය ගෝලීය සමස්ත ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් පංගුවකි.

මේ අතරම එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය සඳහන් කරන ආකාරයට 2016 වන විට බිලියන 7.6ක් වන ලෝකයේ සමස්ත ජනගහනයෙන් මිලියන 815 ක පිරිසක් 10.7%ක් මන්දපෝෂන තත්ත්වයෙන් පෙළෙයි. එසේම මෙම ආහාර අපතේ යැවීම ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහාද 8%ක දායකත්වයක් සපයයි.

අද පුවත්පත ඇසුරෙනි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.