Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉපැරණි ජපාන කතාන්දර පොතක් වන ගෙංජිගේ කතාන්දර ලොව පළමු නවකතාව ලෙස සැලකේ. එහි මුද්‍රණ පිටපත රචනා කරන ලද්දේ 11 වැනි සියවසේදී මුරසාකි සිකිබු නම් ලේඛිකාවක විසිනි. ඇය 1010 වසරේදී මෙම කතාව සම්පූර්ණයෙන් පළ කරන්නට ඇතැයි සැලකේ. ජපානයේ අධිරාජ්‍යයකුගේ පුතෙකු වන 18 හැවිරිදි තරුණ ගෙංජි කුමාරයා සහ මුරසකි කුමාරිය මේ කතාවේ ප‍්‍රධාන චරිතයි.

එම ලේඛිකාවගේ පිටපත මේවනවිට නොමැති අතර ෆුජිවර නො තෙයිකා(1162-1241) කවියා එහි මුල්පිටපත සුරක්ෂිතව තබාගන්නා ලදී. පරිච්ඡේද 54ක් තිබූ මෙම කතාන්දරය පසුව ඔහු අතින් ලියා පළ කර ඇත.

ගෙන්ජිගේ කතාන්දර පිටපතෙහි අතුරුදන්ව තිබූ පරිඡේදයක් මෑතකදී හමු වී ඇත. ඒ 72 හැවිරිදි මොටොෆුයු ඔකොචි නමැත්තාගේ නිවසේ ගබඩා කාමරයෙහි පෙට්ටගමක තිබියදීය. එය 1743 සිට එම නිවසේ තිබී ඇත. පසුගිය පෙබරවාරියේදී ඔහු එය රැගෙන ජපානයේ සංස්කෘතික පදනමකට ගොස් එහි කර්තෘ කවුදැයි තහවුරු කරගැනීමට තැත් කළේය. මෙය තෙයිකාගේ පිටපතෙහි කොටසක් බව එහිදී හඳුනාගෙන ඇත. නිල් පැහැති අත්අකුරින් ලියා තිබීම, පොත් බැඳීමේදී යොදාගත් කවරය ආදී තෙයිකාගේ පිටපතටම අනන්‍ය වු ලකුණු අලුතෙන් සොයාගත් පරිච්ඡේදයෙහිද තිබී ඇතැයි පැවසේ.

ඔකොචි මහතාගේ නිවසින් හමුවී ඇත්තේ තෙයිකා පළ කළ ගෙන්ජි කෘතියේ පස්වන පරිච්ඡේදය යි. අලුතින් සොයාගත් මෙම දිගු පරිච්ඡේදය වකමුරසකි ලෙස නම් කර තිබිණි. ගෙංජි කුමාරයාගේ සහ මුරසකි කුමරියගේ පළමු හමුවීම මෙහි දැක්වෙන අතර මෙය ගෙංජිගේ කතාන්දර පොතේ වැදගත් ම පරිච්ඡේදයක් බව සැලකේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.