සිම්බාබ්වේ: ජනාධිපති රොබට් මුගාබේ "අත්අඩංගුවේ"
- 2017-11-15 15:38:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් ලෙස සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි. පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක ඒ බව දැක්වේ. සිම්බාවේ අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලා ගෙන ඇති රජයේ හමුදාව මෙම ක්‍රියාවලිය කුමන්ත්‍රණයක් නොවන බව පවසයි. පාලක සානු-පීඑෆ් පක්ෂය ද අවධාරණය කරන්නේ සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බවත් "සාමකාමී ලෙස බලය පවරාදීමක්" පමණක් බවය.
එහෙත් "කුමන්ත්‍රණයක සියලු ලක්ෂණ" පවතින තත්වය තුළ දක්නට ලැබෙන බව සිම්බාබ්වේ හි සිටින බීබීසී වාර්තාකාරිය ශිම්ගයි නියෝකා (Shimgai Nyoka) බිබිසි පුවත් සේවයට පවසා තිබේ. ජනරාල්වරයෙක් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බව පවසා ඇත් අතර ඔහු සිටින්නේ කොතැනක දැයි සඳහන් නොකළේය.
Vedio_ theguardian
(දත්ත: බිබිසි ලෝක සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments