Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව බරින් වැඩිම බැටලු ලොම් තොගයක් දරා සිටින බැටලුවාගේ වාර්තාවට හිමිකම් කියූ ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ‘ක්‍රිස්‘ නමැති බැටලුවා මිය ගිය බව එම සත්ත්වයා වාසය කළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගොවිපොළේ හිමිකරුවන් පවසයි.

 2015 වසරේ දී එම ප්‍රාන්තයේ වනාන්තරයක් තුළ වාසය කරමින් සිටියදී අහම්බයෙන් මෙන් මෙම බැටලුවා කැමරා කාචයකට හසුවිය. ඒ වනවිටත් වසර හයකට වඩා වැඩි කාලයක් කපා නොදැමූ ලොම්වලින් උගේ සිරුර වැසී පැවතුණි. මෙම අසාමාන්‍ය තත්ත්වයත් සමගම ‘ක්‍රිස්‘ ලොව සමාජ මාධ්‍ය තුළ මුල් පෙළේ මාතෘකාවක් බවටද පත්විය. එම අවස්ථාවේදී උගේ ජීවිතය බේරා ගැනීම සඳහා එම ලොම් කැපිය යුතු වූ අතර, එම ලොම් කැපීමේදී කිලෝග්‍රෑම් 41.1ක් බර ලොම් ප්‍රමාණයක් උගේ සිරුරෙන් ඉවත් කෙරිණි. මෙය පසුව ලෝක වාර්තාවක් බවටද සනිටුහන් විය. මිය යන විට මෙම බැටලුවාගේ වයස අවුරුදු 10ක් පමණ වන්නට ඇති බවත්, මෙය එවැනි මෙරිනෝ බැටලු වර්ගයට හිමි ආයු කාලයේ සාමාන්‍ය බවත් පැවසෙයි.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.