Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එමර්සන් ම්නන්ගග්වා එරට නව ජනපතිවරයා ලෙස පසුගිය ඉරිදා ධුරයේ දිවුරුම් දුන්නේය. එරට හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි. හිටපු ජනපති රොබට් මුගාබේ ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුව පැවැත්වූ මහ මැතිවරණයෙන් පාලක සානු - පීඑෆ් පක්ෂය වැඩිඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමෙන් අනතුරුව ම්නන්ගග්වා මෙලෙස ජනපතිවරයා ලෙස තේරී පත්ව සිටියේය.

කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් එරට විපක්ෂ නායක නෙල්සන් චමිසා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් විභාග කළ එරට ව්‍යවස්ථාපිත අධිකරණය පසුගිය සිකුරාදා ම්නන්ගග්වාගේ ජයග්‍රහණය ස්ථිර කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස ධුරයේ දිවුරුම දුන්නේය.

මෙම දිවුරුම්දීමේ අවස්ථාව සඳහා එරට ජනතාවට අමතරව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගේමා ඇතුළු විදෙස් ආරාධිතයන් පිරිසක්ද සහභාගි වී සිටියහ. මෙම අවස්ථාවේදී අදහස් දක්වා සිටි ම්නන්ගග්වා සිම්බාබ්වේ රාජ්‍ය වඩාත් ඒකාබද්ධව පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා බව පවසා ඇත.

&අපේ මාතෘභූමිය සංවර්ධනය සඳහා අපි දැන්වත් අපේ දායකත්වය ලබා දිය යුතුයි. අපිව බෙදා වෙන් කිරීමට උත්සාහ දරන බලවේගවලට වඩා අපේ එකමුතු කම වඩාත් ශක්තිමත් විය යුතුයි. එකට එකතු වෙලා අපේ මේ ආර්ථිකය තවදුරටත් වර්ධනය කරන්න මෙය තමයි හොඳම අවස්ථාව ඔහු අවධාරණය කර තිබේ.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.