Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සෞදි කතුන්ට එරට හමුදා සේවයට ඇතුළත් වීමට ද සෞදි රජුගේ අවසරය හිමිවී ඇති බව රෙයිටර් පුවත් සේවය උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි. රාජආඥාවට අනුව, හෙට (28) සිට රියාද්, මක්කම, අල් කසීම් සහ මදීනා යන නගරවලදී කාන්තාවන් හමුදා සේවයට බදවා ගැනීම සිදු කිරීමට නියමිත බවත් තම තමන් කැමැති තනතුරු වෙනුවෙන් අයැදුම්පත් නිකුත් කිරීම කළ හැකි බවත් සෞදි රජය දැනුම් දී ඇත. හමුදා සේවයට බඳවා ගැනෙන්නේ අවුරුදු 25 ත් 35 ත් අතර තරුණියන් වන අතර ඔවුන් සෞදි ජාතිකයන් විය යුතුය. උසස් අධ්‍යාපනය ලබා සිටිය යුතුය. ආරම්භක අදියරේදී දොලොස් දෙනකු පමණක් බඳවා ගැනීම සිදු වෙයි. ඔවුන් ආරක්ෂක සේවා සඳහා යෙදවෙනු ඇති අතර සටන් බිමට යැවීක් සිදු නොකරන බව ද පැවැසෙයි. සෞදිය මේ අයුරින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ක්‍රියාත්මක කරන්නේ ඔටුන්න හිමි සෞදි කුමරු මාහොමද් බින් සල්මාන්ගේ උපදෙස් අනුව යැයි ද පැවැසෙයි. බින් සල්මාන් කුමරු සෞදියේ සල්මාන් රජුගේ පුත්‍රයාය.

(රොයිටර්)

Saudi Press Agency/Handout via REUTERS

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.