හවුල් ආණ්ඩුවක් පිහිටුවන බව තෙරේසා මේ කියයි
- 2017-06-12 14:01:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අපේක්ෂා කළ පරිදි බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට නොහැකි වීම නිසා අගමැතිනි තෙරේසා මේ ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව අද (9) ප්‍රකාශ කළාය.
ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කළ බ්‍රිතාන්‍ය අගමැතිනිය දැන් වැඩ කරමු යැයි ද මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍යට අවශ්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කරන බව ද පැවැසුවාය.
බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට නොහැකි වීම නිසා තනි පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අර්බුදයකට මුහුණ දුන් තෙරේසා මේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගෙන් ඒ සඳහා අවසරය ද ඉල්ලා ගත්තාය.
කෙසේ නමුත් කන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා ලෙස බොරිස් ජොන්සන් පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. බොරිස් ජොන්සන් තෙරේසා මේ ට සහාය දීම ප්‍රතික්ෂේප කර තිබෙන බව අද (9) දහවල් වාර්තා වූ අතර ප්‍රධාන විපක්ෂය කම්කරු පක්ෂයෙන්ම මෙන්ම අගමැතිනියගේ පක්ෂය වන කන්ස්ර්වේටිව් පක්ෂයෙන්ම තෙරේසා මේට අගමැතිධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි දැඩි පීඩනයක් එල්ල විය.
තෙරේසා අගමැතිධුරයෙන් ඉවත් විය යුතු බව දිගින් දිගටම ප්‍රකාශ කළ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ඇය තමාට අගමැතිධුරයට පත්වීමට පාර කපා දුන් බව ද කීවේය.
මැතිවරණයේදී නොසිතු විරූ තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමත් ආසන පරාජයට පත්වීමත් මෙවර මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂයේ ඉතා නරකම ප්‍රතිපත්තිය ලෙස නම්වීමත් සමඟ බි්‍රතාන්‍ය අගමැතිනියට පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වන්නට වී තිබේ.
කෙසේ නමුත් ඉවත් වැන්නැයි කෙරෙන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අගමැතිධුරයෙන් ඉවත්වීමේ කිසිදු අදහසක් නැතැයි කී බ්‍රිතාන්‍ය අගමැතිනිය ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කළාය.
ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනිය එරට වේලාවෙන් අද (9) දහවල් 12.30ට දෙවැනි එළිසබෙත් රැජිණ ද මුණ ගැසුණාය. ඉන් අනතුරුව නැවත වරක් ඇය නැවතවරක් ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි වාර්තා විය.
මීට මාස 11කට පෙර තෙරේසා මේ බ්‍රිතාන්‍යයේ අගමැතිනිය වූ අවස්ථාවේදී පටන් මේ දක්වා ඇය සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
(රොයිටර්/ඒ.එෆ්.පී.) 055
Reply To:
Name - Reply Comment
0 Comments