ඉන්දියාවේ බිලිඳු වාට්ටුවක ගින්නකින් බිලින්දෝ 10ක් මිය යති
- 2021-01-12 11:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහාරාෂ්ට ප්‍රාන්තයේ, බන්ධර නම් දිස්ත්‍රික්කයේ රෝහලක සිදු වු ගිනිගැනීමකින් අලුත් උපන් බිලින්ඳන් 10දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තාකරයි.
පසුගිය සිකුරාදා දිනයේදී, අලුත උපන් බිලිඳුන් රඳවා සිටි වාට්ටුවක මෙම ගින්න හටගෙන තිබිණි.
ගින්න මැඩපැවැත්වීමට එහි පැමිණි ගිනි නිවන භටයන් විසින් බිලිඳන් 7දෙනෙකු බේරාගන්නා ලදී.
විදුලි පරිපථයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම සිදුවීමට වගකිව යුතු පිරිසට දඬුවම් පමුණුවන බව මහරාෂ්ට ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය රාජේෂ් ටෝප් මහතා පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළකරන ලදී.
මිය ගිය බිලිඳුන්ගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් පිරිවැය දැරීමට ද අගතියට පත් පවුලක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක් පිරිනැමීමට ද රජය තීරණය කර තිබේ.
(සීඑන්එන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments