පාකිස්ථානයේ භූ කම්පාවක් - අවම වශයෙන් 20ක් මරුට
- 2021-10-07 23:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පාකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ක්වෙටා නගරය ආසන්නයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
වින්දිතයින් අතර කාන්තාවක් සහ දරුවන් හය දෙනෙකු සිටින බව පළාත් රජයේ උසස් නිලධාරියෙකු වන සුහයිල් අන්වර් හෂ්මි ඒඑෆ්පී වෙත පැවසීය.
"භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවට අපට තොරතුරු ලැබෙමින් පවතින අතර, ගලවා ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙනවා" පළාත් අභ්‍යන්තර කටයුතු අමාත්ය මිර් සියා උල්ලා ලංගෝ පැවසීය.
භූ කම්පනය නිසා නිවාසවල වහල සහ බිත්ති කඩා වැටීමෙන් විපතට පත් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසන පරිදි භූමිකම්පාව රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර, එය ඔවුන් කලින් සටහන් කළ 5.4ක ප්‍රබලතාව ඉක්මවා යෑමකි. පීඩාවට පත් පළාතේ දිස්ත්‍රික්කවල හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments