මැඩගස්කර ඇමතිවරයෙක් පැය 12ක් මුහුදේ පිහිනා යයි
- 2021-12-22 07:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහිනා ගොස් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගත් දෙදෙනා අතර එම අමාත්‍යවරයාද වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සඳුදා සිදුවූ අනතුරෙන් පසු තවත් මගීන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සෙවීමේ සෝදිසි කිරීම් තවමත් සිදුවෙමින් පවතී. ඔවුන් ජීවතුන් අතරද නැද්ද යන්න පැහැදිලි නැති බව පොලිසිය සහ වරාය බලධාරීන් ප්‍රකාශ කළහ.
57 හැවිරිදි පොලිස් රාජ්‍ය ලේකම් (අමාත්‍ය) සර්ජ් ගෙල් දශක තුනකට වඩා එරට පොලිස් සේවයේද කටයුතු කළ අයෙකු වන අතර, පසුගිය අගොස්තු මාසයේදී සිදුවූ කැබිනට් සංශෝධනයේදී ඔහුට අමාත්‍ය ධුරයක් පිරිනැමුණි.
"මට මැරෙන්න කාලය තවම පැමිණ නැහැ" දිවි බේරාගත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් අනතුරට ලක් වූ ස්ථානය පරීක්ෂා කිරීමට ඔහු සහ අනෙක් අය පියාසර කරමින් සිටියදී මෙම අනතුර සිදුවිය. නවතම නිල සංඛ්‍යාවට අනුව එම යාත්‍රා ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදන් වී ඇත.
නරේන් විශ්වජිත්
Reply To:
Name - Reply Comment
0 Comments