සියරා ලියොන් පිපිරීමෙන් 91ක් ජීවිතක්ෂයට
- 2021-11-06 23:19:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ජනාකීර්ණ හන්දියක සිදුවු මෙම පිපිරිම හේතුවෙන්ගි වාහන තුළ සිටි බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ජනාධිපති ජුලියස් මාඩා බයෝ පැවසුවේ 'බිහිසුණු ජීවිත හානිය ගැන තමා දැඩි ලෙස කලබල වූ' බවයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තම රජය “විපතට පත් පවුල්වලට උපකාර කිරීමට සෑම දෙයක්ම කරන” බවයි.
රජයේ මෘත ශරීරාගාරයට මළසිරුරු 90කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ෆ්‍රීටවුන් අවට රෝහල්වල සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල පුද්ගලයන් 100ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments