සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්
- 2017-08-26 18:51:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය. අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගැනිණි. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය. දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි. දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.
Reply To:
Name - Reply Comment
0 Comments