Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චාන්සලර් ඇන්ජලා මර්කල් ජර්මන් (Angela Merkel) මහ මැතිවරණයෙන් 04 වන වරටත් බලය හිමිකරගෙන තිබේ. ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මහ මැතිවරණයෙන් සියයට 33.9 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර, එය පසුගිය වසර 70 ක කාලය තුළ ලබාගත් අවම ඡන්ද ප්‍රතිශතය ලෙස වාර්තා වේ. වයස අවුරුදු 18 ඉක්මවූ ජර්මානුවන් මිලියන 61.5 ක් මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුුසුකම් ලබා තිබුණි. ප්‍රතිපල අනුව අනුව චාන්සලර්වරියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙන (CDU/CSU) කොන්සර්වේටිව් සන්ධානය දෙන ලද ඡන්ද වලින් 32.5% ක් ලබා ඇති අතර ජර්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව ඇත. ප්‍රතිඵල අනුව බලයේ සිටින චාන්සලර් අන්ගෙලා මර්කල් හතරවැනි වතාවටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගනු ඇත.

මේ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබා ඇත්තේ දෙන ලද ඡන්ද වලින් 20% ක් බවත් විදෙශ් මාධ්‍ය වාර්තා කරයි. මැතිවරණයේ දී තුන්වෙනි තැන ලබා සිටින්නේ අන්ත දක්ෂිනාංශික මතධාරී AfD ජාතිකවාදී පක්ෂයයි. අන්ත දක්ෂිනාංශික මතධාරී AFD (Alternative for Germany or AfD) ජාතිකවාදී පක්ෂය ජර්මන් මැතිවරණයක දී 5%කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. එම පක්ෂය දෙන ලද ඡන්ද වලින් 13.5% ක් ලබා ඇත. ඒ අනුව ඔවුන්ටද ජර්මන් පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිමි වනු ඇතැයි දේශපාලන අනාවැකි මගින් පැවසෙයි.

ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඡන්දදායක කොට්ඨාස සහ සමානුපාතික නියෝජනයකින් සමන්විත  මිශ්‍ර මැතිවරණ ක්‍රමයකිනි. සමානුපාතික ක්‍රමය යටතේ නියෝජනයක් ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමට නම් ඒ ඒ දේශපාලන පක්ෂ 5% ක ඡන්දයක් ලබා ගත යුතුය. කොට්ඨාස සහ සමානුපාතික නියෝජන ක්‍රමය අනුව තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරුන් 630 දෙනකුගෙන් යුක්ත වෙයි.  299 දෙනෙක් කෙළින්ම මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන අතර සෙසු මන්ත්‍රීවරුන් තෝරා ගන්නේ සමානුපාතික ක්‍රමය යටතේ ඒ ඒ දේශපාලන පක්ෂ මගින් ඉදිරිපත් කරනු ලබන ලැයිස්තු වලිනි.

ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව චාන්සලර්වරයා හෝ වරිය තෝරා පත් කර ගනු ලබන්නේ අභිනවයෙන් තේරී පත් වූ මෙම පාර්ලිමේන්තුව (Bundestag) මගිනි.

ඇන්ජලා මාකර් තොතුරු

ඇන්ජලා මාකර් 

විඩියෝව: RT (youtube)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.