Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස හිමි කරගැනීමේ 72 වැනි සංවත්සර සැමරුම අගෝස්තු (15දා) වැනිදාට යෙදී තිබුණි. මේ වෙනුවෙන්  සංවිධානය කෙරුණු නිදහස් සැමරුම් උත්සවය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර රතු බලකොටුවේදී පැවැත්වුණි.

මෙය ඔහුගේ පළමු අගමැති ධුර කාලය තුළ සිදුකරන පස්වැනි සහ අවසන් නිදහස් දින සැමරුම් උත්සව සහභාගි වීම සහ එහිදී සිදුකරන අවසන් ඇමතීම වීමත් විශේෂත්වයක් ගත්තේය. මෙම අවස්ථාව සඳහා දේශපාලනඥයන්, ආරාධිත අමුත්තන් ඇතුළු දහස් සංඛ්‍යාත ඉන්දියානුවන් පිරිසක් සහභාගි වී සිටියහ.

ඒ අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙරාතුව ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන කටයුතු රැසක් පිළිබඳවම ජනතාව වෙත අනාවරණය කිරීමට මෙය අවස්ථාවක් කරගත්තේය. ඒ යටතේ ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව තුළ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් අරඹන බව පැවසූ මෝදි වසර 2022 දී මිනිසෙකු සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් සිදු කිරීමටද ඉන්දියාව සූදානමින් සිටින බවද සිය විනාඩි 80ක් දිගු වූ ඇමතීමේදී පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි මෝදි සිය අරමුණ වන්නේ ඉන්දියානු ත්‍රිවර්ණය අභ්‍යවකාශය වෙත රැගෙන යාම බවත් පවසා සිටියේය. ඒ අනුව එක්සත් ජනපදය, රුසියාව සහ චීනයට පසුව ලොව මිනිසෙකු සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් සිදු කළ සිව්වැනි රාජ්‍ය බවට ඉන්දියානු නම රැගෙන යාම සිය සැලැස්ම බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

&ඉන්දියාව අපේ විද්‍යාඥයන් සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා. ඔවුන් පර්යේෂණයේ ඉතා දක්ෂ පිරිසක් වගේම නවෝත්පාදනයේත් පෙරමුණේ සිටින්නන්. වසර 2022 දී හරි පුළුවන් වුණොත් ඊට කලින් හරි ඉන්දියාවේ ත්‍රිවර්ණය අභ්‍යවකාශයේ සටහන් කරනවා.* මෝදි උද්වේගයෙන් යුක්තව පවසා ඇත.

මෝදි මෙහිදී අනාවරණය කළ සෞඛ්‍ය රක්ෂණ සැලසුම ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එය %මෝදිකෙයාර්^ ලෙස හැඳන්වී තිබේ. මෙමගින් ඉන්දියාවේ වෙසෙන මිලියන 500ක් පමණ වන දුප්පත් ජනතාවට සිය අසාධ්‍ය රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට නියමිතව ඇත.

මීට අමතරව රට තුළ අධිවේගී මාර්ග ඉදිකිරීම, ගම්මාන වෙත විදුලිය ලබා දීම මෙන්ම ජනතාවගේ වැසිකිලි පහසුකම් තවදුරටත් දියුණු කිරීම ආදී කටයුතු ඉතා කඩිනමින් සිදුකරන බවටද මෝදි මෙහිදී පොරොන්දු ලබා දී ඇත.

අපිට තවත් දියුණුව අවශ්‍යයි. කිසිම විටෙක මේ ගමනේ නැවැත්වීමක් හෝ මහන්සියට පත්වීමක් නැහැ.* මෝදි අවසන් වශයෙන් පවසා ඇත.

කෙසේ වෙතත් මෝදිගේ මේ පාලන සමය තුළදී ඉන්දියානු මුස්ලිම් ජනතාව වෙත එල්ල වන පීඩනය තවදුරටත් වැඩි වී ඇතැයි බොහෝ විචාරකයන්ගේ අදහස වී තිබේ. එසේම රට පුරා භාවිත කෙරුණු ඉහළ වටිනාකම් සහිත මුදල් නෝට්ටු තහනම් කිරීම සහ ඉදිරිපත් කළ අසම්පූර්ණ බදු ක්‍රමය හේතුවෙන් රටෙහි ආර්ථිකය යම් ගැටලුකාරී තත්ත්වයකට පත් කිරීමටත් මෝදි කටයුතු යෙදූ බවත් ඔවුන් චෝදනා කර සිටියි.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.