බ්‍රහස්පති පැරදවූ සෙනසුරු 'වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහයා' වෙයි
- 2019-10-09 11:19:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැඩිම චන්ද්‍රයන් ගණනක් සිටින බවට සලකන ලද බ්‍රහස්පති ග්‍රහයාට තිබු ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇතැයි අමෙරිකාවේ නවතම අධ්‍යයනයකින් හෙළ වී ඇති බව අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහයන් පිළිබඳ සමීක්ෂණ ආයතනය පවසයි.
සෙනසුරු වටා නව චන්ද්‍රයන් 20ක් අලුතින් සොයාගෙන ඇත. ඒ අනුව මේ වනවිට සෙනසුරුට සිටින චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් වන අතර, බ්‍රහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79ක් වේ. අලුතින් සොයාගත් චන්ද්‍රයන් සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් පිහිටන බවද සොයාගෙන ඇත. එම චන්ද්‍රයන්ගෙන් 17 දෙනෙකු සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයේ පසුපස පිහිටා සිටි බවද පැවසේ.
හවායිවල ඇති විශේෂ තියුණු දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් මෙම චන්ද්‍රයන් සොයාගෙන ඇත. සෙනසුරු වටා තවත් කුඩා චන්ද්‍රයන් 100ක පමණ ගමන්කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිව හැකි මට්ටමට පර්යේෂණ තවදුරටත් කරමින් පවතින බවත් පවසයි. අලුතින් සොයාගත් චන්ද්‍රයන් සදහා නම් යෝජනා කරන්නැයිද එම ආයතනය පවසයි.
(බීබීසී, ද ගාඩියන් සහ අල් ජසීරා ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments