Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව විශාලතම මල ලෙස සැලකෙන රෆ්ලේෂියා මල ඉන්දුනීසියාවේ, බටහිර සුමාත්‍රා දූපත්වල පිහිටි වනාන්තරයකින් හමු වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම මලේ විෂ්කම්භය අඩි 4ක් පමණ වන බවයි. 2017 වසරේදී ද ඉන්දුනීසියාවේ එම ප්‍රදේශයෙන්ම රෆ්ලේෂියා මලක් පිපී තිබී හමුවූ අතර, එය ලෝකයේ විශාලතම රෆ්ලේෂියා මල ලෙස වාර්තා විය. නමුත් මේ වසරේදී පිපුණු මල ඊට වඩා අඟල් 4ක් පළල්ය. මෙම ශාකයට මුල් හෝ පත්‍ර නැත. එය පරපෝෂිත ශාකයකි. ආගන්තුක ශාකයක් ඇසුරෙහි වර්ධනය වන එය, එම ශාකයේ ජලය සහ පෝෂක කොටස් උරා වැඩෙයි. එවැනි ශාකයක් ඇති බව පිටත ලෝකයට පෙනෙන්නේ එහි මල් පිපුණු විටදීය.

මෙම රෆ්ලේෂියා මලෙහි සුගන්ධය එතරම් ප්‍රියජනක එකක් නොවේ. එය පිළුණු වූ මස් කැබැල්ලක ගඳ වහනය කරයි. එම නිසා මිනිස්සු එයට ‘මිනී මල’ කියාද වහරති. ඇතැමෙක් ‘රාස්ස මල’ යනුවෙන්ද නම්කරති.  මෙම ගන්ධය මිනිසුන්ට අප්‍රියජනක වුවත්, කෘමීහු ඒ වෙත ඇඳී එති. රෆ්ලේෂියා මල කෙතරම් විශාල වුවද, එහි ආයුකාලය ඉතා කෙටි වේ. මල පිපී සතියක පසු පරවී යයි. ඊට ප්‍රථම මලෙහි විවරය පුළුල් වෙයි.

[caption id="attachment_51447" align="alignnone" width="780"]WEST SUMATRA, Jan. 1, 2020-- An official measures a rafflesia flower at Maninjau Forest Conservation in Agam region, West Sumatra, Indonesia, Dec. 31, 2019. (Photo by Ardi Mardiansyah/Xinhua via Getty)[/caption]

(සී එන් එන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.