ඉන්දියාවෙන් අභ්‍යවකාශයට යන රොබෝ ‘වියෝමිත්‍රා’
- 2020-01-30 15:58:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැබෑ කාන්තාවක ලෙස පෙනී සිටින වියෝමිත්‍රා ලෙස නම් කළ රොබෝවරයකු මේ වසර අවසානයේ අභ්‍යවකාශයට යැවීමට ඉන්දියාව සූදානමින් සිටී. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවැසුවේ මෙම රොබෝ කාන්තාවට පාද නොමැති බැවින්, අර්ධ මිනිස් රොබෝවරයකු බවයි. ඉන්දියාවේ බෙංගලුරු ප්‍රදේශයේදී ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් වියෝමිත්තාගේ ආදර්ශ ආකෘතියක් පසුගිය දිනක ඉදිරිපත් කරන ලදී.
වියෝමිත්‍රාට භාෂා දෙකකින් කතාකිරීමට හැකි අතර නියමිත අභ්‍යවකාශ මෙහෙයුමේදී ඇය එම භාෂාවලින් සන්නිවේදනය කරනු ඇත. මෙම රොබෝ උපාංගයේ භාෂා භාවිතය අනාගත ගගනගාමීන්ට ද ප්‍ර යෝජනවත් වනු ඇත. ඉන්දියාව අභ්‍යවාකාශය ජයගැනීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග අතර වියෝමිත්‍රා නවතම අත්හදා බැලීම වනු ඇතැයි විචාරකයෝ පවසති.
(ද සන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments