Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කර ඇති සැම්සුන්ග් ගැලැක්සි නොට් 07 (Galaxy Note 7) ස්මාට් ජංගම දුරකථන හිමිකරුවන්ට ඒවා ක්‍රියා විරහිත කර තබන ලෙස සමාගම නිවේදනය කර තිබේ.

ඒ එම ජංගම දුරකථනයේ ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවන් එය ගිනි ගැනීමට ලක්වන හෙයිනි. සැම්සුන්ග් සමාගම මේ වනවිට ගැලැක්සි නෝට් 07 වර්ගයේ ජංගම දුරකථන අලෙවිය අත්හිටුවා තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ එම දුරකථනයේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ලොව පුරා අලෙවියට ඉදිරිපත් කර තිබූ දුරකථන මිලියන 2.5ක් පමණ ආපසු කැඳවීමටත් සමාගම කටයුතු කළේය.

කෙසේ වෙතත් එම දුරකථන වෙනුවෙන් ලබාදුන් නව දුරකථනයන්ද ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන සමාගම පවසන්නේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව උදෙසා සමාගම විසින් නිර්මාණය කළ ගැලැක්සි නොට් 07 දුරකථනය අලෙවි කිරීම ලොව පුරා අත්හිටවූ බවත් ඒ ගැටලුව පිළිබඳව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

නිරෝෂා ප්‍රියදර්ශනී

galaxy-note-7-exploded-2 OLYMPUS DIGITAL CAMERA

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.