ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ - සුදු රාජාලියා
- 2018-06-08 22:48:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුල් කාලයේ දී බාලදක්ෂ ව්‍යාපාරයේ සිටි ඇතැම් ප්‍රධානීහු වන සතුන්ගේ නම්වලින් හැඳින්වුණහ. &සුදු රාජාලියා* යන ආරෑඪ නාමයෙන් හැඳින්වුණු එෆ්.ජී.ස්ටීවන්ස් මහතා ද එවැන්නෙකි.
ශ්‍රී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීම
එවකට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වීම “බාලදක්ෂ ව්‍යාපාරය* මෙරටට හඳුන්වා දීමට ප්‍රබල හේතුවක් විය. ඒ 1912 වසර විය. එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (P W D) මාතලේ දිසා ඉංජිනේරැ පදවිය දැරෑ ඉංග්‍රිසි ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාගේ නිල නිවසට යාබදව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය ඒ සඳහා තෝරා ගැනීම අහඹු සිදුවීමක් විය. අසල්වැසි ක්‍රිස්තුදේව විදුහලේ එවකට විදුහල්පති වශයෙන් කටයුතු කළ ඩී.ඒ.ජයසිංහ මහතා සමග එෆ්.ජී.ස්ටීවන්ස් මහතා සාකච්ඡා කළේය. පාසලේ රුස්වීමේදී ගුරැමණ්ඩලය හා සිසුන් අමතා බාලදක්ෂ ව්‍යාපාරය ගැන පැහැදිලි කළේය. එංගලන්තයේ රාජකීය හමුදාවේ ලුතිනන් ජනරාල් රොබට් බේඩ්න් පවෙල් මහතා විසින් ආරම්භ කරනු ලැබූ “බාලදක්ෂ ව්‍යාපාරය* පිළිබඳව හඳුන්වා දීමෙන් පසු පාසලේ සිසුන් තුළ බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් ඇති විය.
ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම
මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ලක්දිව ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ස්ථාපිත කෙරිණ. ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී. කපුවත්ත, ජෝන් කරැණාරත්න, තම්බෝ නඩරාජා, ඒ.එම්.හමීඩ්, එම්.සහබ්ඩීන් සහ පීටර් බෝලින් යන සිසුවෝ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම් සාමාජිකයෝ වූහ. ඔවුහුසිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් නියෝජනය කළෝය. 1907 දී එංගලන්තයේ ඇරඹුණු බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර පහකට පසු අත්හදා බැලීමක් ලෙස සිය රාජකාරි විවේක කාලය තුළදී ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ක්‍රියාත්මක විය.
ප්‍රථම බාලදක්ෂ ආචාර්යවරයා
දේශීය දරැවන් වෙත බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වාදීමේ පුරෝගාමියා එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය. එතුමාගේ උපදෙස් මත ප්‍රථම බාලදක්ෂ ආචාර්යවරයා වශයෙන් ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොහොයුරා වූ එම විදුහලේම සේවය කළ ඩී.චාල්ස් ජයසිංහ මහතා පත්කරනු ලැබුවේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම බාලදක්ෂ නායකයා වන්නේ ඩී.චාල්ස් ජයසිංහ මහතාය.
Reply To:
Name - Reply Comment
0 Comments