ජූලි 26 ව්‍යාපාරයේ ආරම්භය (1953)
- 2025-07-26 12:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සන්නද්ධ ප්‍රහාරයක් මගින් බලය අල්ලා ගැනීමේ අරමුණින් “පිදෙල් කැස්ත්‍රෝ” සහ ඔහුගේ බාල සොහොයුරු “රාවුල් කැස්ත්‍රෝ” ඇතුළු පිරිසක් විසින් කියුබාවේ “සන්තියාගෝ”හි පිහිටි “මොන්කාඩෝ” හමුදා කඳවුරු සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ 1953 ජූලි 26 වනදාය.
එය පරාජට පත්කිරීමට බැසිස්ටාගේ හමුදාවන්ට හැකියාව ලැබුනි. පිදෙල් සහ රාවුල් පැන යෑමට සමත් වූ නමුත් පසුව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදි. සිරගත කිරීම හේතුවෙන් ජන පදනමක් සහිත විප්ලවාදී නායකයෙකු ලෙස පිදෙල් කස්ත්‍රෝ ගේ කීර්තිනාමය ලොව සුපතල විය. 1955 දී ලැබුන පොදු සමාවක් මත නිදහස ලැබූ පිදෙල් සහ රාවුල් ඇතුළු පිරිස මෙක්සිකෝවට සංක්‍රමණය වන ලදී. මොන්කාඩෝ ප්‍රහාරය එල්ල කළ දිනය වූ ජූලි 26 දිනය පදනම්කර ගනිමින් පසු කලෙීනව “ජූලි 26 ව්‍යාපාරය” නම් සංවිධානයක් ගොඩනැගීය.මෙම සිදුවීම කියුබා විප්ලවයේ ආරම්භය ලෙස සැලකේ.
Reply To:
Name - Reply Comment
0 Comments