වයඹ පළාත් පුෂ්පය ‘ඇට්ටේරියා‘ නියඟයෙන් පසු පැමිණි වැස්සට පුෂ්පිත වෙයි
- 2017-09-12 12:04:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයඹ පළාතේ පුෂ්පය ලෙස නම් කර ඇති ඇට්ටේරියා මල මේ දිනවල අලංකාර ලෙස පුෂ්පිතව ඇති ආකාරය දැක ගත හැකිය.
ඇට්ටේරියා මලෙහි උද්භිත විද්‍යාරත්මකව Murraya Paniculta (L)Jack ලෙස හඳුන්වන අතර Rutacea කුලයට අයත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ.
මල් හට ගැනිමේන් පසුව විශාල ප්‍රදේශයක් සුවදවත් කරන සිත් වශී කරන මලකි. නමුත් ඇට්ටේරියා මල කිසිම විටකදි වෙනත් මල් වර්ග සේ නෙළා ගැනිමට අසිරුය. මන්ද ඝණකම් නොවු මෙම ඇට්ටෙරියා මල පෙති පහකින් සමන්විත වන අතර තදින් ස්පර්ශ විමකදි මල් පෙති ගැලවි යාම ඇට්ටේරියා මලේ විශේෂත්වයකි.
ආයුර්වේදයේ ඇට්ටේරියා ගසට ඉහළ වටිනාකමක් අතීතයේ හිමිව තිබුන බව ද පැරැන්නන් පවසියි. ඉදිමුම්, කුෂ්ඨ, සුදු කඹර, වමනය, පණු අමාරු, මුත්ර අබාධ, අජීරණය, අතීසාරය, කැඩුම් බිදුම්, අක්ෂි අබාධ ඇතුළු රෝග රැසකට ඇට්ටේරියා ශාකයේ කොල, දළු, මුල්, පොතු ,ඇතුළු පංචාංගයම යොදා ගන්නා බවත් තවත් බොහෝ රෝග වලට ඇට්ටේරියා ශාකය අතීතයේ ආයුර්වේදයේ භාවිතා කල බවත් අදද ඇතැම් දේශීය වෛද්‍යවරුන් භාවත කරයි.
නියගයෙන් පසු ලැබුන සුළු වර්ෂාවට ඇට්ටේරියා ගස යලි පන ලබමින් මල් හට ගෙන තිබෙන්නේ මිහිරි සුවදක් ද විහිදුවමිණි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
අතිරේක තොරතුරු
බස්නාහිර පළාත - සුදු නෙළුම් මල
දකුණු පළාත - හීන් බෝවිටියා මල
උතුරු මැද පළාත - ඇහැල මල
ඌව පළාත - ගුරුළුරාඡ මල
මධ්‍යම පළාත - මහරත් මල
සබරගමුව පළාත - වෙසක් මල
උතුරු පළාත - පිච්ච මල
නැගෙනහිර පළාත - ගොඩ මානෙල් මල
Reply To:
Name - Reply Comment
0 Comments