ජනපති ජාතික ධජය එසවීමෙන් 70 වැනි නිදහස් දින සැමරුම ඇරැඹේ - ඩි.එස් පිළිරුවට උපහාර - නවුක හමුදා වෙඩිමු
- 2018-02-04 09:12:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් ආරම්භ විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලට විශේෂ ආරාධිතයින් වශයෙන් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ නියෝජිතයා ලෙස ඇගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ සොෆී රීස් ජෝන්ස් කුමරිය සහභාගීවූහ. ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ විය.
''එකම දැයක්''තේමාව පෙරදැරිව සමරන අභිමානවත් 70 වැනි නිදහස් දිනය අද (4) කොළඹ,ගාලු මුවදොරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාඅත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් රජයේ මැති ඇමැතිවරු ඇතුළු දෙස් විදෙස් විශේෂ රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අභිමානවත් නිදහස් සැමරුම ආරම්භ විය.
ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය ඔප්නංවමින් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් මේ අවස්ථාවට එක් වූ අතර, එක්සත් රාජධානියේ එඩ්වඩ් කුමරු( Prince Edward, Earl of Wessex) සහ එම ආර්යාව සොපී රීස් ජෝන්ස් කුමරිය උළෙලට සම්ප්‍රාප්තවීම සිදුවිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිතුමිය සැමරුම් අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිතුමියගේ සම්ප්‍රාප්තිය සිදු විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමා ජාතික ධජය එසවීම සිදු කළේ ය. පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු කළේ ය. ඉන් අනතුරුව පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ ''දේවෝ වස්සතු කාලේන'' ගායනා කිරීම සිදු කළේ ය.
ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතිය ඇමතීම සිදු කරන ලදී. ත්‍රිවිධ හමුදාව ,පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය මෙන්ම සංස්කෘතික කණ්ඩායම් විසින් පවත්වනු ලබන ආචාර පෙළපාලිය සහ සංස්කෘතික පෙළපාලීය, විචිත්‍රවත් ගුවන් පැරෂුට් සංදර්ශන පැවැත්විණි.
ආචාර පෙළපාලීය අවසන්වීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් 110 දෙනෙකු විසින් ජාතික ගීය ගයනා කළ අතර ආරාධිත අමුත්තන්ගේ නික්ම යෑමෙන් අනතුරුව අභිමානවත් නිදහස් උළෙලේ සමාප්ත වීම සිදු විය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් නිදහස් උළෙල සංවිධානය කොට තිබුණි.
ඡායාරූප- රෝමේෂ් ධනුෂ්ක සිල්වා
----------------------------------------------------------------------------------------------
ජාතික නිදහසෙහි ඇති අගය වටහාගැනීමට නම් පරාධීනත්වය ඇති කරන අවමානය ද පීඩනය ද වටහාගත යුතුය. රටේ නිදහස උදෙසා ප්‍රාණ පූජාවෙන් යුතුව කැප වූ අපේ අභීත විරුවන්ට අප සදා ණයගැති වන්නේ එබැවිනි. නිදහසෙහි අගය ගැන සිහිකරන අද වන් දිනක, ශ්‍රී ලංකාව විජය භූමියක් කිරීමට කැප වූ, සැබෑ පරිත්‍යාගශීලීන් වූ ඔවුන් සියලු දෙනා වෙත සමස්ත ජාතියේ උත්තමාචාරය පුද කරන්නේ හද පිරි බැතියෙනි.
ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහසේ දශක හතක් සපුරන මේ මොහොත, අප විසින් පසුගිය කාලයේදී අත්පත්කරගත් සාධනීය වර්ධනයන් සහ ජයග්‍රහණ පිළිබඳව ගැඹුරින් ආවර්ජනය කිරීමට සුදුසුම අවස්ථාවක් ලෙස සැලැකිය හැකිය. එකී කාල පරාසය තුළ අප නියත වශයෙන්ම සපුරාගත යුතුව තිබූ මානව සංවර්ධන ඉලක්ක සහ මුහුණදිය යුතුව තිබූ සමාජ, ආර්ථික, දේශපාලන සහ ජන ජීවිතයේ ආරක්ෂාව සම්බන්ධ අභියෝග පිළිබඳව සලකා බැලීමේදී අපි ගිරිදුර්ග රැසක්ම සාර්ථක ලෙස තරණය කර ඇත්තෙමු.
ස්වදේශීය අනන්‍යතාවයෙන් ඔප්නැංවුණ ජාතියක් ලෙස අපට ඕනැම අභියෝගයක් ඉදිරියේ නැඟී සිටිය හැකිය. ඒ බව අප අපගේ සමස්ත ඉතිහාසය තුළ මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. ශ්‍රී ලංකාව යනු යුහුසුළුව නැඟී සිටිය හැකි රටක් බව මේ මොහොතේදී අප නැවතත් සනාථ කළ යුතුව තිබේ. ඒ සඳහා අප විසින් දියත් කළ යුතු සංග්‍රාම ගණනාවක් ඇති බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. සැමට සම අවස්ථා හිමිවන හරිත සංවර්ධනයක් කරා යොමුවීමද, ඒ තුළ ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම ද අපගේ මානව සම්පත ගෝලීය වශයෙන් ඉහළ ගුණාත්මක සහ තරගකාරී මට්ටමකට ගෙන ඒම ද අපගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු ඉලක්ක වන්නේ ය.
ඒ සමඟම, අප මැනවින් අවබෝධකරගත යුතු සත්‍යයක් වන්නේ සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයකි. ආර්ථික නිදහස කරා අප යන ගමන පිළිබඳව සැලකීමේ දී මේ වර්ෂය අපට ඉතා වැදගත් වනු ඇත.
රටක් ලෙස අප අතීතයේදී මෙන්ම අනාගතයේදී ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව, අපගේ දිගු කාලීන ඉලක්ක සමඟ බැඳී සිටීම අපගේ සාර්ථකත්වයයි. මොරගහකන්ද ජලාශය නිමකිරීමත් සමඟ මහවැලි ව්‍යාපාර සාර්ථකව නිමකිරීමට හැකිවීම ඊට සාක්ෂි දරයි. එමෙන්ම මේ වර්ෂය ‘ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය’ ලෙස නම් කරනු ලැබුවේ අප ජාතිය දශක හතක් තිස්සේ දුටු සිහිනයක් වන ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කරගැනීමට ය.
නිදහස ලබා දශක හතක් සපිරෙන මේ අභිමානවත් අවස්ථාවේ රට වෙනුවෙන් ඉටුකළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටුකරන බව සපථ කරන අතරම ජාතියක් ලෙස අපේ සැබෑ ශක්තිය නම් අපගේ සමඟිය සහ අධිෂ්ඨානය බව අවධාරණය කරනු කැමැත්තෙමි.
-------------------------------------------------------------------------------------------------
දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලු භේදයන් ඉක්මවා``එකම දැයක්”තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීම බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා 70 වසරක් සපිරීම අද අපි මහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වසරේ ඒ නිදහස දිනාගැන්මට අපට හැකි වන්නේ සියලූ භේද අමතක කොට එකම ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් කටයුතු කිරීම නිසා බව අප කිසිසේත් අමතක කළ යුතු නැත.
දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ පාට සියලූ භේදයන් ඉක්මවා``එකම දැයක්”තුළ අභිමානවත්ව, සාමකාමීව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. නිදහස වඩාත් පරිපූර්ණ වන්නේ සමාජ, දේශපාලන, ආර්ථික නිදහස මෙන්ම මානව ගරුත්වය, අධ්‍යාත්මික නිදහසද උදා වීමෙනි. අප රජය පත්වීමත් සමඟ ඒ සඳහා අවැසි සමාජ, දේශපාලන, ආර්ථික පසුබිම ගොඩනැගීමට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කළ අතර, වඩාත් ස්ථාවර නිදහස් සමාජයක් ගොඩනැංවීමට තවදුරටත් කටයුතු කරමින් සිටියි.
``එකම දැයක්” තේමාව තුළ 70 වෙනි නිදහස් සමරුව මහත් උත්කර්ෂයෙන් සමරන මේ මොහොතේ දිනූ නිදහස වඩාත් තිරසර, අර්ථසම්පන්න නිදහසක් බවට පත් කරගැනීම සඳහා සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව එක්ව කටයුතු කරනු දැකීම මාගේ අපේක්ෂාවයි. දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැපවීමට මෙම නිදහස් දිනයේ දී විශේෂයෙන් අදිටන් කරගනිමු.
රනිල් වික්රමසිංහ
--------------------------------------------------------------------------------
ශ්රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහසේ දශක හතක් සපුරන මේ මොහොතේ බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිණ ශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
මෙම ඓතිහාසික මොහොතට පෞද්ගලිකව සහභාගීවීමට නොහැකිවීම පිළිබඳව කණගාටුව පළ කරන මහ රැජිණ මෙම අභිමානවත් අවස්ථාවට බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙක් වන එඞ්වඞ් කුමරු සහ එම කුමරිය සහභාගී කර ඇති බව ද සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සංහිඳියාව වගවීම සහ යුක්තිය සපිරි රාජ්‍යයක් බවට පත්වෙමින් සිටින මේ මොහොතේ එළැඹෙන 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් තම උණුසුම් සුබ පැතුම් පළකරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ද ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සංහිඳියාවේත් සමෘද්ධියේත් අරමුණු නියත වශයෙන්ම ජයගනු ඇති බව ද ඇමරිකානු ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා ද අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් ශ‍්‍රී ලංකාව සහ රුසියාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම මේ මොහොතේ තම අදිටන බව සඳහන් කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ද විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සම්ප‍්‍රදායික මිත‍්‍රත්වය වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉතා ප‍්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක වන බවයි.
දෙරට අතර සම්බන්ධතා ඉදිරියේදී දෙරටේම ජනතාවට ප‍්‍රතිලාභ උදාවන අයුරින් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කරන චීන ජනාධිපතිවරයා අභිමානවත් නිදහසේ 70 වන සැමරුමට තම උණුසුම් සුබ පැතුම් පළ කරයි.
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ජනාධිපතිතුමා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සෞභාග්‍ය ද පතමින් 70 වන නිදහස් සැමරුමට සිය උණුසුම් සුබපැතුම් පළ කර තිබේ. ඉන්දියා අගමැති නරේද්‍ර මෝදි මහාතාද උණුසුම් සුබපැතුම් එක්කර තිබේ. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පෙන්වා දී ඇති අගමැතිවරයා ශ්‍රී‍්‍ර ලංකාව සමඟ පවතින සම්බන්ධතා වැඩි දියුණු කර ගන්නා බවද අවධාරණ කර තිබේ.
තුර්කි ජනාධිපති රිසෙප් ටේයිස් එර්දෝගන් මහතා ද ශ‍්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර ශ‍්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් තමා නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.
--------------------------------------------------------------------------------
ගූගල් ලාංඡනයට ලක් ධජය එක්වේ
----------------------------------------------------------------------------------
ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමක් අද කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හැත්තෑවැනි නිදහස් සැමරුමට සමගාමීව සිදු කැරුණු එම පුෂ්පෝපාර පුද කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
නාවුක හමුදාවේ නිදහස් දින වෙඩිමුර උත්තමාචාරය
70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවුක හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී (පෙබරවාරි 04) 12.00 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි. නාවුක හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් හා බටහිර නාවුක විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ මග පෙන්වීම මත සිදු කෙරුණු,
ශ්‍රී ලංකා නාවුක නෞකා පරාක්‍රම ආයතනයේ අවි නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් චන්දිම ශාන්ත මහතා විසින් මෙම වෙඩි මුර උත්තමාචාරය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකා නාවුක නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් අනිල් බෝවත්ත මහතා සහ විධායක නිලධාරි, කොමාණ්ඩර් සමන්ත පෙරේරා මහතා ද එක්වී සිටියහ.
විජය නෞකාව අධිකාරියෙන් හා භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03 ක් සවිකොට තිබුණි. 2000 වර්ෂයේ දී එම අවි වර්තමානයේ පවතින ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කර නොකඩවා චාරිත්‍රයක් වශයෙන් ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙත උත්තමාචාර දැක්වීම සඳහා නාවුක හමුදාව විසින් මෙම උත්තමාචාර වෙඩිමුර පවත්වනු ලබයි.
මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුව මෙයයි.
සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප‍්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු 1000/- ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වන අතර, මෙහි වම් පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇත. 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පන්සල, පල්ලිය, කෝවිල සහ දේවස්ථානය දැක්වෙන රූප යෙදීම පමණක් සිදු කර තිබේ.
මෙම සමරු මුදල් නෝට්ටුව 2018-02-06 වනදා සිට බලපත‍්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන බව මහබැංකුව පවසයි.
මහබැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනෙවිරත්න, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.
නිදහස ගැන විශේෂ ලිපිය-----------
ශ්රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. ඉන් අන්තුරුව අතිගරු ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩිමුර සහිතව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිදීම සිදු විය.
ජනපති තුමාගේ නිදහස් දින පණිවුඩය - රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා
සැබෑ නිදහස යනු දේශපාලන නිදහස පමණක්ම නොවන බවයි. නිදහස පරිපූර්ණ වීමට නම් යම් ජාතියක ආර්ථික නිදහස හා සංස්කෘතික නිදහස ද තහවුරු විය යුතු බව පිළිගත යුතු යථාර්ථයක් බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අභිමානවත් 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
මෛත්‍රිපාල සිරිසේන
ශ්‍රී ලංකා ජනාධිපති
අගමැති නිදහස් දින පණිවුඩය - දිනූ නිදහස අර්ථවත් කරගැනීමට එක්සත්ව කටයුතු කරමු
අග්රාමාත්ය
70 වන නිදහස් සැමරුමට ලොව ප‍්‍රබල නායකයින්ගෙන් ජනපතිට උණුසුම් සුබ පැතුම්


ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්ව වසර 70ක් සම්පූර්ණවීම සමරන අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය සුබපැතුම් පළකරති.


ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති සම්බන්ධතාවය අද තවදුරටත් ශක්තිමත් වී ඇති බව සඳහන් කරන බ්‍රිතාන්‍ය මහ රැජිණ ඉදිරි වසරවලදි දෙරටේ ජනතාව අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද දැඩි විශ්වාසයෙන් පසුවන බවත් සඳහන් කරයි.
මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගූගල් ආයතනය නිදහස් (04දා) දින කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සැමරීම නිමිත්තෙන් ගූගල් ආයතනය තම නිල ලාංඡනය තුළට ශ්‍රී ලංකා ධජය එකතු කිරීම නිසා මෙසේ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙතට දිනා දීමට සමත් විය. කෙසේ වෙතත් මෙය සෑම වසරකදීම ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ගුගල් සමාගම විසින් නිර්මාණය කරනු ලබන විශේෂාංගයක් වන අතර එය බොහෝ විට දර්ශනය වන්නේද ශ්‍රී ලංකාවේ සිට ගූගල් බ්‍රව්සරයට පිවිසෙන අයට පමණි.
ඡයාරූප - ඩික්සන් වසන්ත (ලංකාදීප අනුග්‍රහයෙනි )
නිදහස් දිනයක් වෙනුවෙන් ප්‍රථම වරට ගාලු මුවදොරදී ආචාර වෙඩි මුර 15 ක් නිකුත් කරමින් උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේ දීය. 1949 වර්ෂයේ දී ද උත්තමාචාරය පුද කර ඇත්තේ විජය නෞකාවේ දී ය. එක් අවියක් පමණක් යොදා ගනිමින් වෙඩි මුරයන් අතර කාල පරතරය විනාඩියක් ලෙස පවත්වා ගනිමින් උත්මාචාර ආචාරය සිදු කර තිබේ.
ඡායාරූප- ශ්‍රී ලංකා නාවුක හමුදාව
නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට
පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
අපේ නිදහසට හැත්තෑ වසරයි
Reply To:
Name - Reply Comment
0 Comments