Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය අනුව නැවත පාසල් ආරම්භ කිරීමට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

“පාසල් විවෘත කිරීම පිළිබඳව සියලුම ආරක්ෂක ප්‍රධානීන් සමඟත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟත් එමෙන් ම සියලු පාසල්වල ගුරුවරුන් සමඟත් අප මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය සිකුරාදා සහ අද දිනයේත් ආගමික කටයුතු සිදු වුණු ආකාරයත් ගෙවුණු දින කිහිපය තුළ පැවැති ආරක්ෂක වාතාවරණයත්  ආදී සියල්ල සැලකිල්ලට ගනිමින් නැවත පාසල් ආරම්භ කිරීමට හැකියාව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.

මේ සියල්ල සැලකිල්ලට ගෙන හෙට දිනයේ පාසල් ආරම්භ කිරීමට තීරණය කර කළා. සියලු පාසල් වල ආරක්ෂක විධි විධාන තහවුරු කර ඇති බැවින් අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව ආරක්ෂක අංශ සහ අධ්‍යාපන බලධාරීන්ගේ යෝජනා වුණා.

ඒ අනුව හෙට දිනයේ 6 ශ්‍රේණියෙන් ඉහළ සියලු ම පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ක්‍රියාත්මක ප්‍රාථමික පාසල් හෙට දිනයේ ආරම්භ කෙරෙන්නේ නැහැ.

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ක්‍රියාත්මක ප්‍රාථමික පාසල් සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර සෙසු පාසල් වල ප්‍රාථමික අංශවල දරුවන්ට නිවාඩු ලබාදී ඇති අතර වසා තැබෙන ප්‍රාථමික පාසල් හැර සෙසු සියලු පාසල්වල ගුරුවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩල වලට සුපුරුදු පරිදී රාජකාරියට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඇතැම් කණ්ඩායම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරමින් සිටින වාතාවරණයක් තුළදී සියලු දෙනා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවීම සඳහා වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුතුයි.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.