ජාතික කෞතුකාගාරයෙන් ළමා දින සැමරුම් වැඩසටහනක්
- 2025-10-07 14:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජතික උරුමයන් දූ දරුවන් වෙත දැනුම, විනෝදය මෙන්ම අධ්‍යාපනය ලබාදිමේ අරමුණින් කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් ඔක්තෝබර් මස 12 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4 දක්වා කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍ර යේදි පැවැත්වීමට සැලසුම් කර තිබේ.
උරුමයේ හපන්නු නමින් දැනුම මිනුම තරගයක්, කෞතුගාර සිත්තරු නිමින් චිත්‍ර තරගයක්, ආදර් ශ පුරා විද්‍යා කැණිමක Hands on Hands අත්දැකීමක් ලබා දීම, සඟවුණු කෞතුක වස්තු Treasure Hunt සෙවීමේ ක්‍රීඩාව, හිතේ රැදි සැකිලි රූ ජනප්‍රිය කාටුන් චරිත මෙන් සැරසී පැමණෙන දරුවන්ට අවස්ථාව සැලසීම, දැනුම වඩන ප්‍රෙහ්ළිකා තරග, කෞතුක වස්තු ඇසුරින් නිර්මාණය කළ Snake and Ladders ක්‍රීඩා, අපේ පුංචි කාලේ නමින් 70 දශකයේ ගුවන් විදුලි ළමා පිටියේ ගැයු ගායක ගායිකාවන්ගේ ගීත ගායනා වැනි වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments