මහනුවර උසස් බාලිකාවේ වාර්ෂික සමාජ සත්කාරය මෙවර කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යලයට
- 2018-06-29 17:13:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර උසස් බාලිකා විදුහලේ වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩ සටහනට අදාළව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර හුදෙකලා පාසලක් වූ කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය පසුගියදා එම විදුහල් ප්‍රධාන ශාලාවේ දී සිදු කෙරිණ.
කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එම්. ජී. ජයසිංහ සහ ඇලහැර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එම්. එස්. බී. හේරත් මහත්වරුන්ගේ නිර්දේශය සහිතව එවන ලද අවශ්‍යතා ලේඛනය අනුව මහනුවර උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ සෘජු අධීක්ෂණය මත, නියෝජ්‍ය විදුහල්පතිනි චම්පිකා කරුණාදාස, නියෝජ්‍ය විදුහල්පතිනි සමන්තා දසනායක, සහකාර විදුහල්පති අජිත් පතිරණගේ, ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පතිනි සමන්ති සිරිවර්ධන, ප්‍රධාන පුස්තකාලයාධිපතිනි මානෙල් සෙනෙවිරත්න, කලා අංශ ප්‍රධාන උපාලි දිසානායක, දමිළ අංශයේ සහකාර විදුහල්පතිනි ශිවන්තිනී නන්දකුමාර් යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් මෙම පාසල් උපකරණ රැස් කරන ලදි.
පරිගණක යන්ත්‍රක්, ගෑස් උඳුනක්, විදුලි පංකාවක්, කැසට් යන්ත්‍රයක් විද්‍යා උපකරණ, පාසල් පුස්තකාලයට පොත්පත්, දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි ඇතුළු රුපියල් ලක්ෂ හතරකට ආසන්න උපකරණ පරිත්‍යායක් එහි දී සිදු විය. එමෙන් ම උසස් බාලිකාවේ ආදි ශිෂ්‍යාවක වන දැනට ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන එස්. ප්‍රනාන්දු ශිෂ්‍යාව විසින් කහටගහපිටිය කනිෂ්ඨ විදුහලේ හය ශ්‍රේණි දක්ෂතා දක්වන දරුවන් දෙදෙනකුට එක් අයකුට මසකට රුපියල් 2000ක් බැගින් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ද, දක්ෂතාව අනුව ඉන් ඉහළට ද ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට තීරණය කර ඇතැයි විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය පැවසුවා ය.
මහවැලි ජනපද පාරය යටතේ 1986 පිහිටුවන ලද, වසර 32ක ඉතිහාසයක් ඇති දිග්ගල්පිටිය හා කහටගහපිටිය යන දෙගම් මැදි වූ මෙම විදුහලේ පළමු වතාවට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක්, අටක් සහ හතක් ලබාගත් සඳුනිකා රණසිංහ, චතුරිකා රන්කොත්ගේ, මලිඳු තමන්කඩුව දරුවන්ට සුවිශේෂ ත්‍යාග පිරිනැමීම ද මෙහි දී සිදු වුණු අතර ඩී. කේ. හිරුදිනී දසනායක සහ සී. එස්. ගමගේ උසස් බාලිකා ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් සහභාගී වූහ.
(ඇන්ටන් විජේරත්න විසිනි)
සබැඳි පුවත්
මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය භට ඛණ්ඩයට උසස් ජයක් - උසස් බාලිකා වාර්ෂික නිවාස ශූරතාව ‘‘ඊට්න් නිවාසයට - 46 වැනි ඇන්ඩොස් ජාත්‍යන්තර නර්තන උලෙළ මහනුවර උසස් බාලිකාවෝ නර්තන දක්ෂතා පෙන්වති - මහනුවර උසස් බාලිකා ශිෂ්‍ය භට බාලිකාවන්ට සමස්ත ලංකා ජයක් - මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍යත්ව සමතුන් 44ක් - මහනුවර උසස් බාලිකාවේ දන්ත සායනය දා...- මහනුවර උසස් බාලිකාවේ ගුරු උපහාර - මහනුවර උසස් බාලිකා විදුහල් වාර්ෂික බාලදක්ෂිකා කඳවුරදා... - උසස් බාලිකාවේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් - මහනුවර උසස් බාලිකාවේ ‘වයිති’ චිත්‍ර දැක්ම - මහනුවර උසස් බාලිකාවෙන් වෙසක් සුබපැතුම් පත් - මහනුවර උසස් බාලිකාවෙන් ඇරඹි බාලදක්ෂිකා ව්‍යාපාරයට සියවස සපිරේ - මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය නායිකා වැඩමුළුව දා...... - මහනුවර උසස් බාලිකාව LED බල්බ එකලස් කිරීමේ ව්‍යාපාරයක් අරඹයි - ජාතික පාසල් අතර හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම් සම්මාන ප්රදානෝත්සවය - මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය පාර්ලිමේනතුව රැස් වෙයි - මහනුවර උසස් බාලිකාවේ අමුණුගමට සමස්ත ලංකා කථික ජයක් - මහනුවර උසස් බාලිකාවන්ට කණ්ඩායම් ක්‍රීඩා විශිෂ්ට ජයක් - මහනුවරින් පිළිකා රෝහලට පරිත්‍යාග - මහනුවර උසස් බාලිකාවේ සිංහල අංශයේ පොල - මහනුවර උසස් බාලිකාවේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ ඇගයෙති - විජය විඩියෝ ටිවි
Reply To:
Name - Reply Comment
0 Comments