Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නව නිපැයුම්කරැවකු වන කුරැණෑගල මාවතගම පදිංචි එම්.ඒ. පි‍්‍රන්ස් චන්ද්‍රසේනගේ Informative Touch System For Blinds නවතම නිර්මාණය දෘෂ්‍යාබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගැන්නුම් කටයුතු සාර්ථකව හැදෑරීම සඳහා  ඇති විවිධ පහසුකම්වලින් යුතු නව නිර්මාණයකි. කොළඹ විශ්ව විද්‍යාලයේ ආබාධිත අංශයේ අශෝක මහතාගේ ඉල්ලීමකට අනුව නිර්මාණය කළ මෙම නිර්මාණය ලංකාවේ වෙසෙන දෘෂ්‍යාබාධිත සිසුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට විශාල සහයක් වනු ඇත. පි‍්‍රන්ස් තම නව නිර්මාණය පිළිබඳ ‘‘විජය පුවත්පතට අදහස් දක්වා සිටියේ මේ අයුරිනි. 

‘‘තනියව ඉගෙගැනීම

සාමාන්‍යයෙන් දෑස් නොපෙනෙන පුද්ගලයන්ට යම් දෙයක් හඳුන්වා දීමේදී අප යම් රෑපයක් යැයි සිතමු, එම රෑපය කොළයක ඇඳ එම ඉරි වටා ටුවයින් නූලක් අලවා එය අතගෑමට සලස්වමින් එම ස්ථානය මෙයයි කියා එම ගුරැවරයා විසින් කියා දෙනු ඇත. මේ උපකරණය ආධාරයෙන් තනියව ඉගෙනගත හැකියි. උදාහරණයක් ලෙස මා විසින් නිපදවා ඇති උපකරණයට ඒ ඒ විෂයන් සඳහා සැකසුණු කොටස් එම උපකරණයට ඇතුළු කර තිබෙනවා. මෙහි විශේෂත්වය නම් නිර්මාණය කර ඇති දාර අතගෑමෙන් එහි තොරතුරැ සියල්ල අධ්‍යයනය කිරීමට හැකියාව පැවතීමයි.

හැකියාවන් රුසක්

උදාහරණයක් වශයෙන් ලංකාවේ සිතියම සහ එහි පළාත් ගැන තොරතුරැ ඇති එක්සයිස් පොතක් වැනි කොටස එම උපකරණයට ඇතුළු කර එහි පළාත් හැඩය ඇඟිලි තුඬින් අතගා හඳුනා ගැනීමට හැකියි. ඒ වගේම එම සිතියමේ අඩංගු පළාතේ මධ්‍යයේ ඇති කුඩා බොත්තම එබීමෙන් එම පළාතේ සියලු තොරතුරැ ඔහුට ඇසෙන සේ එම උපකරණයෙන් ශබ්ද නගා කියවයි. ඒ ආකාරයෙන් සියලු පළාත්වල තොරතුරැ තනිව අධ්‍යනය කළ හැකියි.

මේ ආකාරයෙන් සැකසූ  ඕනෑම කොටසක් ඇතුළු කර තොරතුරැ දැනගැනීමට හැකියාව තිබෙනවා. තවද මෙම දත්ත ඇතුළත් උපකරණ ඔවුන්ට කලින් හඳුනාගැනීමට එහි ඇති දේ බ්රේල් ආකාරයට ලියා තිබෙනවා. එය අතගා තමන්ට වුවමනා දේ උපකරණයට ඇතුළුකර සවන්දිය හැකියි. තවද ඉතිහාස කතා, ගායකයන්ගේ සිංදු යනාදියද මෙහි සකසා තිබෙනවා.

මෙය 2017 සහසක් නිමැවුම් තරගාවලියෙන් රන් සම්මානයෙන් ද පිදුම්  ලබා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.