Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීමේ අරමුණින් ඔවුන්ට  තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.  අවුරුදු 18 ට අඩු ළමුන්ට රාත්‍රී 10.00 සිට උදෑසන 8.00 දක්වා කාලය තුළ වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් බවද, දිනකට මිනිත්තු 90ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දී ඇති බවද පැවසේ. ඒ අනුව, සතිඅන්තයේදී පැය තුනක් සහ පොදු නිවාඩු දිනවලදීද ඔවුන්ට ක්‍රීඩා කළ හැකිය.

අවුරුදු 8 සිට 16 දක්වා වන දරුවන්ට මාසයකට යුවාන් 200ක පමණ පිරිවැයකට අදාළ වන ලෙස අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කළ හැකි අතර, අවුරුදු 16 සිට 18 දක්වා වයස්වල දරුවන්ට  යුවාන් 400ක පමණ පිරිවැයකට අදාළ වන සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ක්‍රීඩා කළ හැකිය. අන්තර්ජාල ක්‍රීඩා සඳහා ඇතුළත් වීමේදී දරුවන්ට තම සත්‍ය නාමයෙන් පෙනී සිටිය යුතු වේ.

වීඩියෝ ක්‍රීඩා හා සම්බන්ධ ආයතන සඳහාද මෙම නීති බලපැවැත්වෙන බවද, එය මව්පියවරුන්ට මාර්ගෝපදේශයක් විය යුතු බවද චීන රජය පවසයි. මෙසේ වීඩියෝ ක්‍රීඩා සඳහා තහනම් කාල පැනවීමට කටයුතු කර ඇත්තේ චීන ජනපති ෂී ජින්පින් මහතා විසිනි. මෙම අන්තර්ජාල ක්‍රීඩාවලින් දරුවන්ට දුර නොපෙනීමේ ගැටලුව මතුවූ බව පසුගිය වසරේදී ද අවධාරණය කළ ජනපතිවරයා වීඩියෝ කර්මාන්තය පාලනය කිරීම සඳහා අදාළ නිලධාරීන්ව දැනුවත් කර තිබිණි. ජනපතිගේ ප්‍රකාශය සැලකිල්ලට ගත් චීනයේ අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අන්තර්ජාල ක්‍රීඩා සඳහා නව රෙගුලාසි පැනවීමටත්, අලුතින් පැමිණෙන ක්‍රීඩා සංඛ්‍යාව සීමාකිරීමටත්, ක්‍රීඩා කාලය අවම කිරීමටත් කටයුතු කරන බවයි.

නව රෙගුලාසිවලට දරුවන්ට මනසට අහිතකර වන, රුධිරය සහිත, දරුණු රූප දර්ශනය කරන ක්‍රීඩා තහනමට ලක් කරන බවද චීනය කියයි.

(ද ගාඩියන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.