ලෝකයෙන් තුරන් වී යා හැකි දුර්ලභ පැළෑටි රැස් කරන තායිවානයේ වැසියෝ
- 2020-10-07 12:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාලගුණ විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ලෝකයෙන් සදහටම තුරන් වී යා හැකි යැයි සිතන දුර්ලභ පැළෑටි වනාන්තරවලින් එකතු කර ඒවා හරිතාගාරවල වගා කිරීමට තායිවානයේ වන සංරක්ෂණ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
තායිවානයේ දූපත්වල, අර්ධ නිවර්තන කලාපීය පෙදෙස්වල, නැගෙනහිර වෙරළබඩ පෙදෙස්වල වැවී තිබෙන, මෙම දුර්ලභ පැළෑටි සොයා රැස්කිරීම සඳහා ශාක සහිත වනාන්තර පීරමින් දැඩි උනන්දුවකින් එම කාර්යයේ නියැළෙමින් සිටිති. මේ පැළෑටි රැස්කිරීමට ඔවුන්ට බෑවුම්, ප්‍රපාත, තැනිතලා, කඳුගැට මෙන්ම උස ගස්වල නගින්නට ද සිදුවේ. වන සංරක්ෂණ නිලධාරීන්ට අමතරව, පැළෑටි සංරක්ෂණය කරන මධ්‍යස්ථාන සහ පැළෑටි පිළිබඳව විශේෂඥවරු මීට දායක වී සිටිති.
“මම මේ පැළෑටි එකතුකරන්න පටන්ගත්තේ පාසැල් යන කාලයේදීමයි. ඒක එතරම්ම වැදගත් කියල ඒ කාලේ මට හිතුණෙ නැහැ. නමුත්, මම ඒ පැළෑටි සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක රාජකාරිය කරන්න ගත්තාම, මට තේරුම් ගියා, ඒකාලේ තිබුණු බොහෝ පැළෑටි දැන් හොයාගන්නවත් නැහැයි කියලා. මේ පැළෑටි පවා නිසි ආකාරයෙන් සංරක්ෂණය නොකළොත් අනාගතේ ඒවා කිසි කෙනෙකුට දකින්න වෙන එකක් නැහැ ”යැයි පැළෑටි රැස්කරන්නකු වන හන් සින් චියේ මහතා පවසයි.
“අපි රැස්කරන මේ දුර්ලභ පැළෑටි අනාගතයේ ප්‍රයෝජනයට ගන්න පුලුවන්. විශේෂ වර්ගවල ශාක වුවමනා අයට අපිට සපයන්න පුලුවන්. අනාගතයේ දී අපිට නව ශාක විදියට මේවායේ ප්‍රභේද හඳුන්වාදෙමින් වගාකරන්න සලස්වන්න පුලුවන්” යැයි වන සංරක්ෂණ නිලධාරීහු පවසති.
ඩිල්ෂානි චතුරිකා දාබරේ
Reply To:
Name - Reply Comment
0 Comments