Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයෙන් ආරම්භ වී ලොව පුරා වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමක් බීජිං නුවර බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

චීන ජනපති ෂී ජින්පින් මහතා සහ අමාත්‍යවරුන් සමඟ වයිරසයට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා ජනවාරි අවසාන සතියෙහි බීජිං නුවර වෙත පැමිණියේය.

විශේෂඥ කණ්ඩායමක් චීනය වෙත එවීමට එහිදී ඔවුහු එකඟතාවකට පැමිණියහ.
 

කෙසේවුවද, එම එකඟතාව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට සති දෙකකට ආසන්න කාලයක් ගතවී  ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
 
වසංගත රෝග සහ හදිසි සෞඛ්‍ය  තත්ව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයකු වන, කැනේඩියානු ජාතික වෛද්‍ය බෘස් එයිල්වර්ඩ් මහතා චීනය බලා පිටත් වූ මෙම විශේෂඥ කණ්ඩායමෙහි මූලිකත්වය ගනී.
 
වයිරසයෙන් පීඩා විඳින වූහාන් ඇතුළු ඒ අවට නගර මේ වනවිට හුදකලා නගර බවට පත්ව ඇති අතර, පසුගිය සති දෙක තුළ චීන පාලකයෝ පාසල් සහ කර්මාන්තශාලා වසාදැමීමටත්, ගුවන් ගමන් අත්හිටුවීමටත් කටයුතු කළහ.
 
බලධාරීන් පැවසුවේ කොරෝනා වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව අද(10) වන විට 908 දක්වා ඉහළ ගොස් ඇති බවය.

(ඉන්දියා ටුඩේ ඇසුරිනි)
‘‘කොරෝනා ගෝලීය අර්බුදයක්වීම වළක්වාගන්න හැකියි‘‘

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.