Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

General-Assembly-opens-72nd-session-on-Tuesday

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය ‘‘පෘථිවිය මත සියල්ලන්ගේ යහපත වෙනුවෙන් සාමය හා තිරසර ජීවිතයක් යන්න“ තේමා කරගනිමින් අද (12) ආරම්භ වේ. අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී සැසිවාරය ආරම්භ වේ. සැසිවාරය ලබන 25 වැනිදා අවසන් වේ. සංවිධානයට අයත් සාකච්ජා මණ්ඩල හය අතරින්, ප්‍රධානත්වය හිමි වී ඇත්තේ මහ මණ්ඩලයට ය. මෙහි සියලුම සාමාජික රටවලට සමාන නියෝජනයක් හිමි වීම එහි විශේෂත්වයකි. ස්ලෝවැකියානු විදේශ අමාත්‍ය මිරොස්ලාව් ලැජ්කැක් 72 වැනි සැසිවාරයේ සභාපතිවරයා ලෙස පත් වී සිටී. වත්මන් සභාපති ෆීජී රාජ්‍යයේ නියෝජිත පීටර් තොම්සන් වෙනුවට, මිරොස්ලාව් ලැජ්කැක් මහතා නව ධුරයට පත් වීමට නියමිතය. වසර 2030 ඉලක්ක කරගත් තිරසර සංවර්ධන ඉලක්ක, සිරියානු අර්බුදය, උතුරු කොරියානු ක්‍රියාකාරකම් ඇතුළු අන්තර් ජාතික කරුණු රැසක් මෙවර මහ මණ්ඩලයේ සාකච්ජා කෙරෙන බව දැක්වේ. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

වැඩි විස්තර 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.