Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කාලගුණ විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම වැඩිවීම මෙම වසර කිහිපය තුළ ලොව පුරා දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවකි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගරවල උෂ්ණත්වයද වැඩි වන බව කියැවුණ ද එය කිසිවකු එතරම් සැළකිල්ලට නොගත්තේය.එහෙත් මේවනවිට විශේෂඥයන් පවසන්නේ එම හානිය මිනිසා විසින් ඉතා අඩු තක්සේරුවෙන් සළකා ඇති බවය.

ගෝලීය උණුසුම වැඩිවීම හේතුවෙන් සාගරඑතෙක් මෙතෙක් නොවූ විරූ ආකාරයට “රෝගී“ වන බව හා මෙමගින් සතුන් හා මිනිසුන් අතරේ වැඩි රෝග ප්‍රමාණයක් පැතිරීමත් මිහිතලය පුරා ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් එල්ල වීමත් සිදුවිය හැකි බවටද විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මෙය සම්පූර්ණයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවූවක් බව පවසන ඔවුහු, මෙයට ඇති එකම විසඳුම හරිතාගාර වායූන් පරිසරයට මුදාහැරීම අඩුකිරීම බව ප්‍රකාශ කරයි.ඒ අනුව වර්තමානයේ‍ “ලොකුම සැඟවුණු අභියෝගය“ ලෙස සාගර උණුසුම් වීම හැදින්විය හැකි බව ඔවුන්ගේ අදහසය.

සාගර උණුසුම වැඩිවීමට සමගාමීවවිවිධ ක්‍රියාකාරකම් සිදුවන අතර ජල්ලියන්,සාගර පක්ෂීන් හා ශාක ප්ලවාංග උණුසුමින් අඩු ධ්‍රැවාසන්න ප්‍රදේශයන්ට ගමන් කරමින් සිටින බව සඳහන්වේ.එසේම මෙම උණුසුම වැඩිවීම හේතුවෙන් කැස්බෑ ගහණවල ගැහැණු:පිරිමි අනුපාතයන් ද වෙනස්වන බව සඳහන්වේ. විශේෂයෙන්ම උණුසුම් ජලයේ වැඩිපුර උපත ලබන්නේ ගැහැණු කැස්බෑ පැටවුන් වීම නිසා මේ තත්ත්වය ඇතිවී තිබේ. මීට අමතරව සාගරවල වැඩි ප්‍රදේශයක ක්ෂුද්‍ර ජීවීන් රජකිරීමක්ද මේ සමගම ඇරඹෙනු ඇතැයිද එහි සඳහන් වේ.

ස්නායු ආබාධ ඇති කිරීමට හැකියාවන් පවතින විෂ සහිත ඇල්ගී වර්ග වේගයන් වර්ධනය වීම හා කොළරාව ඇති කරවන බැක්ටීරියා ආදී රෝගකාරකපැතිරීමත් මේ සමග සිදුවිය හැකි බව ප්‍රකාශ වේ.මෙමගින් මිනිස් වර්ගයාගේ සෞඛ්‍යයටද ඍජුවම බලපෑම් එල්ලවන බව පැවසේ. එසේම උණුසුම් සාගර ජලය හේතුවෙන් සිතා ගැනීමටත් නොහැකි ලෙස  කොරල් පර විනාශ වනු ඇති අතර මේවායේ ජීවත් වන මත්ස්‍ය ගහණය අඩුවී ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් හට ගතහැකි බව ද ප්‍රකාශවේ.

රටවල් 12 ක විද්‍යාඥයන් අසූ දෙනෙකු මගින් සිදුකෙරුණු මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල පසුගියදා හවායි හිදී පැවති ස්වභාව සංරක්ෂණය සඳහා වන අන්තර්ජාතික සංගමයේ (IUCN) ලෝක සංරක්ෂිතා සම්මේලනයේදී හෙළිකරනු ලැබිණි.

“අපි ගන්නා හුස්මක් පාසා අපි සාගරවලට ණයගැතියි. නමුත් අප එයට කළගුණ සළකන්නේ ඒවා විනාශ කිරීමෙන්* සංගමයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටින්නීය.

මෙම අධ්‍යයනයට සහභාගී වූ එක් මහාචාර්යවරයකු වන ඩෑන් ලැෆෝලිට අනුව, සාගර උණුසුම් වීම පිළිබදව මෙතෙක් ලෝකයේ සිදුකළ වඩාත් විස්තරාත්මක හා සැළසුම්සහගත අධ්‍යයනය මෙයයි. මෙම අධ්‍යයනයට ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට තල්මසුන් දක්වාද ගැඹුරු මුහුදද ඇතුළු සියළුම ප්‍රධාන සාගර පරිසර පද්ධතීන් ඇතුළත් වී තිබෙනවා.

1970 දශකයේ සිට කාලගුණ විපර්යාසයන් හේතුවෙන් වැඩිවූ ගෝලීය උණුසුමින් 93 කට වඩා ලෝකයේ සාගර මගින් උරා ගනු ලැබූ අතර මෙමගින් පොළවෙහි උණුසුම පාලනය වුවත් සාගරවල ජීව රිද්මය මේ හේතුවෙන් වෙනස් වී තිබෙනවා.

“සාගර අපිට හානි වීමට නොදී පළිහක් මෙන් අපව ආරක්ෂා කළා. නමුත් දැන් එයින් ඒවාට ඇතිවී තිබෙන අහිතකර ප්‍රතිඵල සුළුපටු නැහැ“ මහාචාර්ය ලැෆෝලි තවදුරටත් පවසනවා.

1970-2000 අතර කාලය හා සැසදූ විට ගිණිකොණ දිග ආසියානු කලාපයේ සාගරවලින් ලැබෙන මත්ස්‍ය අස්වැන්න 2050 වන විට 10- 30 ක් පමණ අඩු වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. මෙයට හේතුව මත්ස්‍ය විශේෂයන්ගේ ව්‍යාප්තිය වෙනස් වීමයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.