Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසර 2019 සඳහා පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාව ලෙස විරාජිනී තෙන්නකෝන්ගේ ‘‘මකරානන්දය‘‘ කෘතිය සම්මානයට පාත්‍රවිය.

හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය ලෙස පියසිලි විජේමාන්නගේ ‘‘මනුස්ස යන්තර‘‘ කෘතියද හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස රන්ජිත් ධර්මකීර්තිගේ ‘‘පසු නොබසිම්‘‘ කෘතියද සම්මානයට පාත්‍රවිය.

හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය ලෙස නන්දන වීරසිංහගේ ‘‘ක්ෂණ නියාම‘‘ කෘතියට රාජ්‍ය සම්මාන හිමිවිය.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ 2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (12) පැවැත්විණි.

සිංහල දෙමළ සහ ඉංග්‍රීසි සාහිත්‍යයට කළ මෙහෙවර උදෙසා සාහිත්‍යරත්න අභිධාන ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ඒ අනුව සාහිත්‍යරත්න සිංහල අභාධාන ප්‍රදානය මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතාට ද දෙමළ සාහිත්‍යරත්න අභිධාන ප්‍රදානය අයියතුරෛ සාන්තන් මහතායද ඉංග්‍රීසි සාහිත්‍යරත්න අභිධාන ප්‍රදානයද කමලා විජයරත්න මහත්මියටද ප්‍රදානය කෙරිණි.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයන් අතින් සම්මාන ප්‍රදානය කෙරිණි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභීන් මෙසේය.

හොඳම පිටකවර නිර්මාණය

අවසාන කුංචනාදය - සමන් ඉන්දික ලොකුකළුගේ

හොඳම නිවාවෙන් හා පිටු සැකැස්මෙන් යුත් කෘතිය

කලම්බු ස්කේච් බුක් - වීරක්කොඩිගේ වසන්ත පෙරේරා

හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමු කාණ්ඩය)

හරි පුදුමයි හරි පුදුමයි - තනුජා එන් අයගම

හොඳම ළමා සාහිත්‍ය කෘතිය (දෙවන කාණ්ඩය)

මුට්ටිගෙදර - කාන්ති සමරදිවාකර

හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය

එක්ස් - සුසිත රුවන්

හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය

පසු නොබසිමි - රන්ජිත් ධර්මකිර්ති

හොඳම පරිවර්තක යොවුන් සාහිත්‍ය කෘතිය

අමාවක නිමා වී - චිත්‍රා අමරසේකර

හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය

පවුරු වළලු - ටෝනි රණසිංහ

හොඳම පරිවර්තක නාට්‍ය කෘතිය

මධ්‍යකාලීන ජපන් නෝ නාට්‍ය - ආරිය රාජකරුණා

හොඳම පරිවර්තිත පද්‍ය සංග්‍රහය (සිංහල)

යැන්සි කාව්‍ය නදී - පරාක්‍රම කොඩිතුවක්කු

හොඳම පරිවර්තිත පද්‍ය සංග්‍රහය (ඉංග්‍රිසි)

ගිරා සන්දේශය - විනි විතාරණ

හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය

ප්‍යාරියා පිස්සු වැටුණේය - උපුල් රංජිත් හේවාවිතාන ගමගේ

හොඳම පරිවර්තන නවකතාව

රත් වරලැති ලිය - නිලුක කදුරුගමුව

හොඳම විවිධ විෂයක කෘතිය (පරිවර්තනය) -  

ඩී.එස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය - කේ .එස්.ඩී ධර්මදාස

හොඳම විවිධ විශේක කෘතිය (සමාජ ශාස්‍ත්‍ර)-

දේශපාලන හා සමාජ චින්තන - ගාමිණි සමරනායක

හොඳම විවිධ විශේක කෘතිය (මානව ශාස්‍ත්‍ර)-

පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම-සේන තෝරදෙණිය

හොඳම ශාස්ත්‍ර හා පර්යේෂණ කෘතිය ( සිංහල)

මහා සමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය - පූජ්‍ය ලේලිවල අරියධම්ම හිමි

හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය

නැතුව බැරි මිනිහෙක් - රාජිත දිසානායක

හොඳහ ගීත රචනා සංග්‍රහය

තිසා වැවැ ළඟ රළපනායේ - නයන සේන වන්නිනායක

හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය

ක්ෂණ නියාම පද්‍ය සංග්‍රහය -නන්දන වීරසිංහ

හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය

මනුස්ස යන්ත්‍ර - පියසිලි විජේමාන්න

හොඳහ ස්වතන්ත්‍ර නවකතාව

මකරා නන්දය - විරාජිනි තෙන්නකෝන්

හොඳහ සාහිත්‍ය කෘතිය විවිධ විෂයන් (සමාජ විද්‍යාව)

ඩ්රිම්ස් ඔෆ් චේන්ජ් - සරත් අමුණුගම

2018 වසරේ ප්‍රකාශිත ග්‍රන්ථ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශීත වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කළ ආයතනය - එස් ගොඩගේ සහ සහෝදරයෝ

ආරියරත්න රණබාහු  (ඡායාරූප  - චතුර එස් .කොඩිකාර )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.