Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.

අප්‍රේල් 16 අවසන් වන විට වුහාන් හි තහවුරු වූ COVID-19 රෝගීන් සංඛ්‍යාව 325 කින් ඉහළ ගොස් 50,333 දක්වා වැඩිවූ අතර මරණ සංඛ්‍යාව 1,290 කින් 3,869 දක්වා ඉහළ ගියේය. මේ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 4600 ඉක්මවා ගොස් තිබේ.

සිය දත්ත නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වූහාන් නුවර පාලනාධිකාරිය විසින් හේතු හතරක ඉදිරිපත් කර තිබේ

- වසංගතයේ මුල් අවධියේදී රෝගීන් වැඩි වෙමින් පවතීම හා වෛද්‍ය සම්පත් සහ වෛද්‍ය ආයතනවලට ඇතුළත් වීමේ හැකියාව ඉක්මවා යෑම. සමහර රෝගීන් රෝහල්වල ප්‍රතිකාර ලබා නොගෙන නිවසේදීම මිය යෑම.

- ප්‍රතිකාර ප්‍රයත්නයන්හි උච්චතම අවධියේදී, රෝහල් ඔවුන්ගේ හැකියාවන් ඉක්මවා ක්‍රියාත්මක වූ අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගීන් බේරා ගැනීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාද වූ, මග හැරුණු සහ වැරදි ලෙස වාර්තා වීම.

- COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නම් කරන ලද රෝහල් සීග්‍රරයෙන් ඉහළ යාම හේතුවෙන් අමාත්‍යාංශ, හුබෙයි පළාත, වුහාන් නගරය සහ එහි දිස්ත්‍රික්කඅනුබද්ධිත ආයතන මෙන්ම පෞද්ගලික රෝහල් සහ තාවකාලික රෝහල්, වෛද්‍ය ආයතන කිහිපයක් වසංගත තොරතුරු ජාලයට සම්බන්ධ නොවූ අතර නියමිත වේලාවට ඔවුන්ගේ දත්ත වාර්තා කිරීමට අපොහොසත් වීම

- මියගිය සමහර රෝගීන්ගේ ලියාපදිංචි තොරතුරු අසම්පූර්ණ වූ අතර වාර්තාකරණයේ වැරදි සිදුවීම. යන හේතුන් ඔවුන් ඉදිරිපත් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.