අපේ වැඩිහිටියෝ
- 2020-10-07 16:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටාවකට පන් පැදුරේ සැලසුම කොහොමද වියන්නෙ
වටාපිටා මිදුල උනත් රටාවටයි අතු ගාන්නෙ
උයන පිහන කොට සුවඳටමයි මට බඩගිනි දැනෙන්නෙ
නිදාගන්න කොට ලස්සන කතාවක්ය කියල දෙන්නෙ
සීරැමාරැව අතැඟිලි රටාවකට සිත යොම්මා
බීරළු කොට්ටය ළඟ ඉද නූල් වලින් වැඩ දැම්මා
ගෙදර දොරේ වැඩ අතරෙ දි රේන්දයත් කල නිම්මා
එකවුන්ටන්ට් කෙනෙක් උනේ නැත්තෙ මොකද අත්තම්මා
මං කිරි දරැවෙකු සන්දියෙ අපෙ අම්මා රට ගියාට
අම්මා නැති අඩුපාඩුව දැනුණේ වත් නැත මෙමාට
මොන්ටිසෝරි එකේ ඉදන් පාසැල් එක්කන් ගියාට
මං කොහොමද ණය ගෙවන්නෙ සුදු අත්තම්මේ ඔයාට
කකුලක් බැරිවෙලා උනත් අපි වෙනුවෙන් වෙහෙසෙනවා
ආච්චි අම්මා හින්දා බඩගින්දර නැති වෙනවා
පාසැල් පොත් අඳුම් කැඩුම් ඔක්කොම අරගෙන දෙනවා
තිස්තුන් කෝටියක් දෙවියො අත්තම්මා රුක දෙනවා
පෝය දාට සිල් රෙදි ඇද පන්සල් යන අත්තම්මා
හැමදාමත් සිල් අරගෙන සීලෙ රකින අත්තම්මා
කුරා කූඹියෙකු ගේවත් සිත් නොරිදන අත්තම්මා
මතු දවසක බුදු වෙනවා බුදු වෙනවා අත්තම්මා
දීප්ති අපේක්ෂා කුලරත්න.
Reply To:
Name - Reply Comment
0 Comments