මගේ වැඩිහිටියෝ..
- 2020-10-07 13:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පියා
දාඩිය හෙළා මා ඇති කළ පියාට ගරැ
උපරිම සෙනෙහසින් දුන් ශක්තියට ගරැ
දෙව්ලොව බඹුණටත් එහෙයිනි ඔබේ ගුරැ
වන්දේ කියා වඳිනෙමි ඔබෙ පාද පස්
මව
මෙලොවට මා බිහි කෙරෑ අම්මගේ හඬ ඇති කලට
අද මෙන් නෑ දුන්නේ මගෙ ළැමට දුක් ගැහැට
කරදර දහසක් ආවොත් මෙහෙට සක්වල දෙන්නම් නුඹෙ නමට
දෙවියන් පුදන්නට කියමි ඔබෙ නමට පෙර මළගිය දවස
මව
ලේ කිරිකර පෙව් ආදර අම්මා
හෙට ගැන කිය කියා අද හැදූ අම්මා
අකුරැ කරනට ශක්තිය දුන් අම්මා
සත්තයි, සම්මා සම්බුදු සරණයි අම්මා
අපේ සීයා
ටොක් ටොක් ටොක් ටොක්
සීයා අපෙ විට කොටනවා
කටේ දත් දෙක තුනක් නැතුවා
බතුත් හොඳ හැටි හපනු බැරැවා
කටේ ඒ මේ අතට පෙරලා
බුලත් විට රස කරලා හපලා
ලොකු පනාවක් හොඳින් අල්ලා
ආච්චි ඇගේ කොණ්ඩෙ පීරැවා
හිසේ කෙස් සීයකුත් නැතුවා
කොණ්ඩ ගෙඩියක් බඳිනු බැරැවා
එහෙට මෙහෙට අඹර අඹරා
බඳින කොණ්ඩය නැවත කැඩුණා
හෙමින් දැන් වැඩ කරයි දෙන්නා
හයිය නැතිවලු වයස හින්දා
නමුත් අපේ හිතේ සතුට රන්දා
කවි කියයි ලොඹු කටම පෙන්නා
කථා කියමින් රසට අන අන
බත් කවයි මගෙ ආච්චි අම්මා
ගුණ දමින් අපෙ හිතම පුරවා
දියුණුවට අප ළඟම ඉන්නා
සීයා ආච්චි මගේ ලෝකෙ
ඉන්න රජු හා රුජිණ දෙන්නා
සෙනුක මන්සිත,
7 වැනි ශ්‍රේණිය,
මහානාම විදුහල.
Reply To:
Name - Reply Comment
0 Comments