Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

ඉවත දමන දඬු කැබැල්ල පවා යළි දලු ළා යලි පැළ වන ඉතා සාරවත් පසක් අපගේ මාතෘ භූමිය සතුව තිබේ. එහෙත් අපගේ මාතෘ භූමිය සතුව ඇති එම සාරවත් පසෙන් ප්‍රයෝජන ගැනීමට හැකිව ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණි. මෙරට සාරවත් පොළොවේ සාරයෙන් පෝෂණය වූ දේශීය දොඩම් ගෙඩියට වඩා මේ වන විට මිනිසුන්ට වටින්නේ කෘමිනාශක, විෂ රසායනික ද්‍රව්‍යවලින් පොහොසත් වූ විදේශීය දොඩම් ගෙඩියයි.

අතීත කොලු ගැටයන් අතීත ගම්මානයේ ඉරටු කපා, කොළ අලවා සරසා පාට පාට පුංචි සරැංගල් සිය දෑතින්ම සකසා වෙල් ඉපනැලි වල යැව්වේ කෙතරම් සතුටකින් වුවත් එම සතුට මේ වන විට වත්මන් ළමා පරපුරෙන් ගිලිහී හමාරය. ඒ වෙනුවට චීනය වැනි රටවල් වලින් ආනයනය කරන චීන සරැංගල් වත්මන් ළමා පරපුරේ සිත් ආකර්ශනීය කර ගැනීමට සමත් වී ඇත. මේ නිසා මෙම චීන සරැංගල් අතීතයේ ළමයින් අතර වැජඹ සිටි ශ්‍රී ලාංකික සරැංගල්වලට අභියෝගයක් වී ඇත.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනාව මුළු ලොවම ආක්‍රමණය කිරීමත් සමග විදේශ රටවලින් වෙනත් රට වලට භාණ්ඩ අපනයනය ද අඩාල විය. මේ තත්වය අප රටට ද තදින් බලපෑවේ පුංචි ඉදිකටුවේ සිට විශාල ප්‍රමාණයේ වාහනය දක්වා සෑම භාණ්ඩයක්ම පාහේ විදේශ රටවලින් ආනයනය කරන බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීම වෙනුවට මෙරට තුළම බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හුරැවූ නිසා මෙතෙක් කල් යටපත්ව තිබූ “සිය රට දේ සිරි සැප දේ* යන කියමන යළි කරලියට පැමිණ තිබේ. කොවිඩ් වසංගතය අප රටින් දුරැ කරගත්තත් එම උවදුරත් සමග අපට හුරැ වූ මෙම යහපත් සිතුවිල්ලට යළිත් අප කෙරෙන් ගිලිහීමට නොදී රුක ගැනීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

හිමංක ප්‍රභාෂණ දිසානායක,

10 වැනි ශ්‍රේණිය,

මාර/කුමරතුඟු මුනිදස් මහ විදුහල,

දික්වැල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.