ලෝක ළමා දිනය
- 2020-10-07 12:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවි මංසලෙ ළමා කාලෙ සිතට නැගෙන විට
දෙනෙත් පියා ඉන්න හිතෙයි රෑප මැවෙන විට
ළමා ලොවේ දසුන් පෙළේ ක්ෂණයක් මා තනිවන විට
කෙලෙසද මා නෙත අරින්නෙ හරි ලෝභයි මට
මගේ පුංචි ළමා කාලෙ සෙල්ලම් ගෙයි රුජින මමයි
මගෙ තනියට ළඟ ගැවසෙන අත්තම්මා සහ සීයයි
සැබෑ ලොවේ වැඩිහිටියන් ලෙස සැලකුවෙ ඔවුන් තමයි
මගෙ සෙල්ලම් ගේ ඇතුලෙ දි ඔවුන් තමයි පුංචි ළමයි
තණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලන්නේ
ඒ අයුරින් මනුසත් භවයට පෙරැම් පුරන්නේ
මිනිස් භවේ සොඳුරැ දසුන් ළමා ලොවේ මැවෙන්නේ
වැඩිහිටි සෙනෙහස හමුවේ ළමා ලෝකෙ දිලෙන්නේ
ආච්චි අම්මා කියනා ලෙස ළමා කාලෙ දිගු කලකි
අම්මා මට කියන විටදි ඊට වඩා කෙටි කලකි
මා ගැන මට සිතෙන විටදි මට දැනෙන්නෙ හරි දුකකි
මගෙන් පසුව එන පරපුරෙ ළමා කාලෙ සිහිනයකි
කේ.වී.ඩී.චතුමි අංජුලා විජේගුණරත්න,
10 වැනි ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහ විදුහල,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments