අපේ සීයා
- 2020-10-07 13:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ සීයා
බයිසිකලය පදවාගෙන ගෙදරට එන්නේ
සීයා කියමින් සතුටින් දුවගෙන එන්නේ
රස රස දේ අපි සැමටම ගෙනවිත් දෙන්නේ
සීයාගේ මුහුණේ සොම්නස ඉපිලී යන්නේ
කෑමෙන් පසු ලස්සන රජ කතා කියන්නේ
දෑතේ සවියෙන් ගේදොර වැඩ කර දෙන්නේ
පා පැදියෙන් හවසට ගෙදරට දිව යන්නේ
හැමදාමත් සතුටින් දුක්බර උහුලන්නේ
සීයා නැති දා පා‘ළුව සිතට දැනෙන්නේ
දොරකඩ වී සීයා එනතුරැ රුක ඉන්නේ
ඔරලෝසුවෙ කටු ටික වේගෙන් කැරකෙන්නේ
දරැ මුණුබුරන් රුකුමට සීයා පැමිණෙන්නේ
මව
ලේ කිරිකර පෙව් ආදර අම්මා
හෙට ගැන කිය කියා අද හැදූ අම්මා
අකුරැ කරනට ශක්තිය දුන් අම්මා
සත්තයි සම්මා සම්බුදු සරණයි අම්මා
නදීජ ධනංජය,
10 වැනි ශ්‍රේණිය,
ධර්මරාජ විදුහල,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments