ආච්චි අම්මා
- 2020-09-30 15:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි පුංචි කතා කියා
අපිව හිනස්සා
ඇගෙ දත් නැති මුවින් පිටවුනු
වචන හරිම මිහිරි වුණා
පුංචි අපිට හිනායන්න
මිහිරි කතා ඇය කිව්වා
කුදු වුණු ඇගෙ කොන්දත්
දත් හැලිච්චි ඇගෙ මුවත්
රැලි වැටිච්චි ඇගෙ සමත්
ඇයට අමතක උනා.......
මනද කියා පවසයි නම්
ඈ පුංචි පොඩිත්තන් ළං කරගෙන
උපදේශාත්මක කතා කියමින්
අපිව හිනැස්සුවා.........
ඇය තමා අපේ ආච්චි අම්මා
විටෙක අපේ මවද,
විටක අපේ වයසේ කෙනෙක්ද,
වූවා ඈ................
කෝම්පිට්ටු, වැලි බත් උයන්න
ඈ අපිට කියා දුන්නේ
අසීමිත සෙනෙහසකිනි...
තම වයසද නොතකා
අපිට යහමග යන්න
කුඩා කල්හිදී
කියා දුන්නේ අපේ
ආදරණීය ආච්චි අම්මේ
ඔබයි...............
ඔබට සදා ණයගැතීයි මා..
ආච්චි අම්මේ....................
ආර්. ඒ. මනෝධ්‍යා සෙව්මිණි.
Reply To:
Name - Reply Comment
0 Comments