Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වඳවී වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර්ජාතික වෙළහෙළදාම පිළිබඳ ජාත්‍යන්තර සයිටීස් (CITES) (CoP 18) සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වෙයි.

වසර තුනකට වරක් පැවැත්වෙන මෙම සමුළුව 2019 වසරේ මැයි 23 වනදා සිට ජූනි 03 වනදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වෙන අතර සාමාජික රටවල් 183 ක නියෝජිතයින් සහ අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ පරිසර සංවිධාන, ලොවපුරා මාධ්‍යවේදීන් ඇතුළු 4000 කට ආසන්න පිරිසක් ඊට එක්වීමට නියමිතය. 

අන්තර්ජාතික මට්ටමේ සම්මුතියක් වන සයිටීස් සම්මුතිය හෙවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතියට 1973 වොෂින්ටන් නුවරදී පවත්වන ලද සමාරම්භක සැසියේදී අත්සන් තබා 1975 දී බලාත්මක කෙරුණු අතර ශ‍්‍රී ලංකාව ඊට එක්වන ලද්දේ 1979 වසරේදී ය.

සමුළුව වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා පරිසර විද්‍යා අධ්‍යනාංශය හා ශ්‍රී ලංකා කේෂ්ත්‍ර පක්ෂි විද්‍යා කවයේ මෙහෙවීමෙන් විජය ළමා පුවත, dailly mirror, Sunday times පුවත්පත් වල මාධ්‍ය අනුග්‍රහයෙන් ‛සොබා දම් මව උදෙසා අවදිවෙමු ’ යන මැයෙන් ‘‘පාරිසරික සිතුවම් තරඟයක් ද පැවැත්වේ. අයම්පත හා වැඩි විස්තර සඳහා පිවිසෙන්න (අයදුම්පත භාගත කර ගන්න

සයිටීස් පිළිබඳ තවත් විඩියෝ නරඹන්න පිවිසෙන්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.