කතරගම වාසනා ඇසල මංගල්‍යයට සූදානම් කෙරේ

2025 ජුනි මස 25 ප.ව. 07:27 - {{hitsCtrl.values.hits}}  

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංගල්‍යයට සූදානම් කිරීම (23) වෙනිදා සිදුකෙරිණි.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබව ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද වාසනා ඇතා මෙලෙස සූදානම් කෙරිණි.

වාසනා හස්ති පාලකවරයා විසින් පැමිණ සිටි පිරිසට ආහාර වලින්ද සංග්‍රහ කළේය.

මෙම අවස්ථාවට රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරන්ධර සොමිපාල ටී රත්නායක මහතා ද සහභාගී විය.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසල මංගල්‍යය ජූනි 26 වෙනි දින ආරම්භ වන අතර ජූලි 10 අවසාන මහා රන්දෝලි පෙරහර පවත්වා පසු දින මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේ දිය කැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...