ආනන්ද බාලිකාවේ සංහිතිකා 18 මාධ්‍ය දිනය දා
- 2018-10-22 13:47:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ වසර 64 ක අභිමානවත් ඉතිහාසයකට උරැමකම් කියන්නා වූ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය වාර්ෂික මාධ්‍ය දිනය මරදාන ටවර් රඟහලේ දී පසුගියදා පැවැත්වුණි.
සංහිතිකා 18 මාධ්‍ය දිනය විදුහල්පතිනී අනෝමා දහනායක මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ජනමාධ්‍ය කවය භාර ආචාරිනි නෙලුම් ප්‍රියංගනී මහත්මියගේ මූලිකත්වයෙන් ජනමාධ්‍ය කවය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ, හඬකැවීම් ශිල්පීන් වන උලපනේ ගුණසේකර, අනුරාධ සිගේරා, ශ්‍යාමලි නුගේරා යන මහත්ම මහත්මීහූ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.
මාධ්‍ය දිනය සඳහා ආරාධිත පාසල් ලෙස කොළඹ නාලන්ද, ඩී.එස්.සේනානායක, මොරටු වේල්ස් කුමර, අශෝක, සමුද්‍රදේවි, අනුලා ආරක්ෂක සේවා යන විද්‍යාල රුසක දරැ දැරියෝ සහභාගි වූහ. අන්තර් පාඨශාලිය තරග ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග සහතික පත්‍ර ප්‍රදානය ද සිදුවිය.
සමස්ත තරගාවලියේ ජයග්‍රහණය මොරටුව වේල්ස් කුමාර විදුහලට හිමිවිය.
විද්‍යාලයේ මාධ්‍ය සංගමයේ ලේකම් ලෙස බෙත්මි අමල්යා හා හිරැෂි ද සභාපති ලෙස මලිෂි සහ සිතුමිණි යන සිසු සිසුවියෝ ද කටයුතු කරති.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments